Header Ads

Breaking News
recent

රාජ්‍ය ඇමතිකමක් ගන්න මන්ත්‍රීවරු පොරකති! ඇතැමුන් කලකිරීමෙන්!

පත්කිරීමට නියමිත රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබා ගැනීම සඳහා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර දැඩි තරගකාරී තත්ත්වයක් ඇතිවී තිබේ. රාජ්‍ය අමාත්‍යවරුන් විස්සක් විසිපහක් පමණ පත වනු ඇතැයි වාර්තා වූ ද ඇතැම් විට හතළිහක් දක්වා ඉහළ යනු ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් හතර දෙනෙකු පමණ රජයට එක්වීමට නියමිතව තිබේ.

රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම එළැඹෙන සතියේදී සිදු කිරීමට නියමිතව ඇත.

කැබිනට් අමාත්‍යවරු පත් කිරීමේදී ද තරගකාරී ස්වභාවයක් හට ගෙන තිබූ අතර කැබිනට් අමාත්‍යධුර නොලැබුණු පිරිසක් කලකිරීමට පත්ව සිටින බවද වාර්තා වෙයි.



No comments:

Powered by Blogger.