Header Ads

Breaking News
recent

21 නිසා පොහොට්ටුව දෙකඩ වීමේ අවදානමක්?

විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මතුව තිබෙන මත ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ වීමේ අවදානමක් මතුවී ඇතැයි ඇතැයි වාර්තා වෙයි.

එම සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් වැඩි පිරිසක් කැමැත්ත පල කර ඇතත් යම් පිරිසක් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇත.

නව සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනයට ඉඩකඩ අහිමි වීම සහ ජනාධිපති බලතල කොටසක් අග්‍රාමාත්‍යවරයාට පැවරීම යන කාරණා පිළිබඳව පොදුජන පෙරමුණේ පිරිසක් විරෝධය පළ කර ඇත.

කෙසේ වෙතත් මෙම සංශෝධනය සඳහා පොදු ජන පෙරමුණේ බහුතර පිරිසක් සහය ලබා දෙන නමුත් පිරිසක් විරුද්ධව ඡන්දය දීමට හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීමට බොහෝ දුරට ඉඩ තිබේ.

මේ සම්බන්ධයෙන් පක්ෂය තුළ මත ගැටුමක් නිර්මාණය වී අතර එය පක්ෂය දෙකඩ වීමක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි ද වාර්තා වෙයි.

මේ අතර 21 වැනි සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම එළැඹෙන සදුදා දිනයේ ජනාධිපති මන්දිරයට කැඳවා ඇත.


No comments:

Powered by Blogger.