Header Ads

Breaking News
recent

කච්චතිවු ඉන්දියාවට පවරා ගන්නා බවට ඉන්දියාවේ විශාල ප‍්‍රචාරයක්!

යාපනය කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරාගැනීමට තමිල්නාඩු දේශපාලන නායකයින් උත්සහ ගැනීම උතුරේ දෙමළ ජනතාවට මෙන්ම ධීවරයින් සිදුකරන දැඩි අසාධාරණයක් බවට දෙමළ ජාතක සන්ධානයේ හවුල්කාර පක්ෂ වූ ප්ලොට් සහ ටෙලෝ පක්ෂ නායකයින් පවසා සිටිති.

ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙයික්කලනාදන් මහතා පවසා සිටින්නේ..

‘කච්චතිව් ධූපත නිසා ඉන්දියාවේ ආරක්ෂාවට කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. ඒ වගේම උතුරේ ධීවරයින්ගෙන්ද ඉන්දියාවේ ආරක්ෂාවට කිසිම තර්ජනයක් වෙන්නේ නහැ. කච්චතිව් ධූපත කියන්නේ උතුරේ ධීවරයින්ගේ සංස්කෘතිය පුදබිමක්. එවැන්නක් යලි ඉන්දියාව අත්පත්කර ගැනීමට සැරසීම දෙමළ ජනතාවට කරන අසාධාරණයක්.

තමිල්නාඩු ජනතාව උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ගැන සිතා අධාර ලබාදී තිබීම අපි ගරු කරනවා වගේම කවදාවත් අමතක කරන්නැහැ. ඒ ජනතාව අපේ ජනතාව ගැන සිතීමම අප ලැබූ ජයග්‍රහනයක් එම නිසා තමිල්නාඩු මහඇමතිවරයා කච්චතිව් දූපත ඉල්ලා සිටීම මගින් උතුරේ අප ජනතවගේ මානසික අපහසුතාවට පත්ව ඇති හෙයින් එම යෝජනාව ඉවත් කරගන්නා ලෙසින් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මේ අතර ප්ලොට් පක්ෂ නායක ධර්මලිංගම් සිද්ධාර්තන් මහතාද කියා සිටින්නේ

‘ඉන්දියාව නැවත කච්චතිව් දූපත ඉල්ලා සිටීම කිසිසේත්ම පිළිගත නොහැකියි. මේ වෙනකොට ඉන්දියාවේ විශාල වශයෙන් ප්‍රචාරය කරගෙන යන බවට තොරතුරු ලැබෙනවා කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරගන්න යනවා කියලා. එසේ වුවහොත් උතුරේ ජනතාව වගේම ධීවරයින්ගේ තත්වය තවත් නරක අතට හැරෙයි.

මේ වෙනකොටත් ඉන්දියාවේ ධීවරයින් මන්නාරමට වගේම පේදුරුතුඩුවට ඇවිත් උතුරේ ධීවරයින්ගේ මත්ස්‍ය සම්පත කොල්ලකනවා එවැනි තත්වයක් යටතේ කච්චතිව් දූපතත් ඉන්දියාවට දුන්නොත් අපේ ධීවරයින්ගේ ආර්ථිකය කඩාවැටෙනවා. ඒ නිසා ඉන්දියාවට කච්චතිව් දූඵත දෙන එක මා ප්‍රතික්ෂේප කරනවා . යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:

Powered by Blogger.