Header Ads

Breaking News
recent

මහින්දගේ නිල නිවස හදන්න කෝටි සීයක්..

හිටපු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රැදී සිටින හිටපු ජනාධිපති නිළනිවස අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් කෝටි සියයක මුදලක් අනුමත කර ඇති බව මහරගම නගර සභා මන්ත්‍රී ධනුෂ්ක රාමනායක මහතා හෙළි කරයි.

අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරන සමයේ ඔහු විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මගින් ඒ සදහා මුදල් අනුමත කරගෙන ඇත්තේ අග්‍රාමාත්‍යය වැය ශීර්ෂය යටතේ මෙය ඉදි කිරීමට බවද ඔහු සඳහන් කළේය.

කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවස අලුත් වැඩියා කිරීම සඳහා මෙසේ රුපියල් බිලියනයකට වැඩි මුදලක් වෙන් කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.

අන්තර්ජාලය මගින් වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත. 

No comments:

Powered by Blogger.