Header Ads

Breaking News
recent

පහුගිය කාලෙ අරගල භූමියට ගිහින් වීරයෝ වෙච්ච කලාකරුවො කීපදෙනෙක් 21කට කඩේ යන සංවිධානයක් අටවගෙන!

පසුගිය කාල සීමාවේදී අරගල භූමීයට පැමිණ ආණ්ඩුවට එරෙහිව අදහස් ප්‍රකාශ කළ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවට මහාහඩින් කෑ ගැසූ කලාකරුවන් කිහිප දෙනකු මේ වනවිට නැවත වතාවක් අරගලය පාවා දෙමින් ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත 21 වන සංශෝධනයට පක්ෂපාතී ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කොට ඇති බව වාර්තා වේ.

‘පුරවැසියෝ’ යන නමින් ක්‍රියාත්මක මෙම ප්‍රචාරක ව්‍යාපෘතිය මගින් ’21ට ජන්දය නොදී ගමට එන්න එපා..’ යනුවෙන් මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක් කර ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

කෙසේවෙතත් මේ් වනවිට දැනගන්නට ඇති ආරංචිමාර්ගවලින් කියවෙන්නේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් අරගල භූමියේ ජනතාව ඉල්ලන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදු කරනවාට වඩා ජනාධිපතිවරයාගේ බලතල තවත් වැඩි කරන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවය.

No comments:

Powered by Blogger.