Header Ads

Breaking News
recent

EXCLUSIVE : අගමැති සහ ඇමැති මණ්ඩලය ඕනෙ වෙලාවක ඉවත් කරන්න පුලුවන් යෝජනාවලියක් 21ට ජනාධිපතිගේ පැත්තෙන් එනවා!

අගමැතිවරයා හා අමාත්‍ය මණ්ඩලය ඕනෑම අවස්ථාවකදී ඉවත් කිරීමේ බලය සහ ඕනෑම අමාත්‍යංශයක් ඕනෑම මොහොතක පවරා ගැනීමේ බලය ජනාධිපතිවරයා සතු වන යෝජනාවලියක් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කිරීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මීට පෙර වසර 2ක් ඉක්මවූ තැන අගමැතිවරයා ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වුවද, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා එය සීමා කිරීමට පියවර ගෙන තිබිණ.

2018 ඔක්තෝබර් මාසයේදී සිදුවූ දින 52 කුමන්ත්‍රණයේදී මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය අහිමි වූයේද මෙම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ තිබූ එම වගන්තිය හේතුකොට ගෙනය.

මෙම තත්ත්වය සලකා බලා ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කිරීමේ බලතල සහ ඕනෑම අමාත්‍යංශයක් ඕනෑම මොහොතක පවරා ගැනීමේ බලතල ජනාධිපතිවරයා වෙත 21 වැනි ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.


No comments:

Powered by Blogger.