Header Ads

Breaking News
recent

රෝග නිවාරණ කටයුතු මුලුමනින්ම බිඳවැටිලා… බෙහෙත් හිඟයි… ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ඇතිවුනොත් මහා විනාශයක් වේවි!

ඉදිරියේ දී ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳ සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
කඩින් කඩ පවතින වර්ෂාවත් සමග  ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සීඝ්‍ර ලෙස වර්ධනය වීමක් දක්නට ලැබුණත් පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් බිම් මට්ටමේ බෝවන රෝග නිවාරණ කටයුතු මුළුමනින්ම බිඳ වැටීම රෝගය අධි වසංගත තත්ත්වයක් තෙක් වර්ධනය වීමට හේතු විය හැකි බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි. 

එවැනි තත්ත්වයක් ඇතිවුවහොත්  රෝහල්වල ඖෂධ හා උපකරණවල ඇති දැඩි හිඟය නිසා  බිහිසුණු ප්‍රතිඵල රටට අත්කරදෙනු ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

 ඉන්දධන  හිගවීම හේතුවෙන් පළාත් පාලන ආයතනයන් හී කසළ බැහැර කිරීම නිසි පරිදි සිදු නොවීම හේතුවෙන්  පරිසරය තුල කැලි කසළ එකතු වීමද මදුරුවන් බෝවිමට හේතුවක් වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වාදේ.

මේ ජාතික අවදානම තේරුම් ගෙන අඩුම තරමින් තමන් අවට පිරිසිදු කරගැනීමේ වගකීම බරපතල ජාතික වගකීමක්කොට සලකා ඉටු කරන  ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.

මේවසරේ ගතවූ මාස පහ තුළ ඩෙංගු රෝගීන් 26060ක් වාර්තා වී ඇති  බවත් 20ට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.  

ආසන්නම ඩෙංගු මරණය වාර්තා වී ඇතිඇත්තේ පිටකෝට්ටේ  ප්‍රදේශයෙන්   වන අතර  එම මරණයට ගොදුරුව ඇත්තේ වයස අවුරුදු 9ක පිරිමි දරුවෙකි.  රෝහලට ඇතුළත් කරන අවසථාව වන විටත් දරුවා ඩෙංගු කම්පන තත්ත්වයෙන් පසු වූ බව රෝහල් ආරංචි මාර්ග  සඳහන් කරයි. 


No comments:

Powered by Blogger.