Header Ads

Breaking News
recent

ගාමිණී සෙනරත්ගේ චක්‍රලේඛය රනිල්ගේ ආණ්ඩුවත් අවුල් කරයි!

ජනාධිපති කාර්යාලයේ අවසරයක් නොමැතිව රාජ්‍ය ආයතනවල සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වෙනස් නොකරන ලෙස ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට කර ඇති දැනුම්දීම කැබිනට් ඇමතිවරුන්ගේ දෝෂ දර්ශනයට ලක්ව ඇතැයි වාර්තා වේ.

ඒ වත්මන් ආර්ථික අර්බුදයේ වගකීම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකම භාර ගැනීමට පෙර පත්කර සිටි රාජ්‍ය ආයතනවල සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් භාරගත යුතුවන අතර ඔවුන් නැවතත් අලුත් ආණ්ඩුවේත් තනතුරු දැරීම රට මීටත් වඩා අයහපත් තැනකට තල්ලුකරනු ඇතැයි යන කැබිනට් ඇමති මතය නිසාය.

කිසියම් ධුරයක සිටින පුද්ගලයකු වෙනස් කරන්නේ නම් ජනාධිපති කාර්යාලයේ පූර්ව අවසරයක් ලබා ගත යුතු බව දන්වා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දාය.

මෙම චක්‍රලේඛය නිකුත් කරන විටත් වත්මන් කැබිනට් ඇමැතිවරු ගණනාවක්ම රාජ්‍ය ආයතනවල සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඉවත් කර වෙනත් පුද්ගලයන් පත් කර ඇත.

කෙහෙළිය රඹුක්වැල්ල, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, බන්දුල ගුණවර්ධන, වැනි ඇමැතිවරු නව පත්කිරීම් සිදු කර ඇත. ඊට හේතු වී ඇත්තේ රාජ්‍ය ආයතනවල සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇමැතිවරයාගේ අභිමතය පරිදි පත් කිරීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාකවදී ඇති වූ එකඟතාවක් අනුව බව ඇමැතිවරු පවසති.

බිලියන 7 - මිලියන 50ට බැස්සුව අය..

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිහ මහතාගේ යහ පාලන ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහතාට රට බාරදෙන අවස්ථාවේ මහා භාණ්ඩාගාරයේ ඩොලර් බිලියන 7කට වැඩි ප්‍රමාණයක් තිබූ බවත්, බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතන සතුව තවත් ඩොලර් බිලියන 2.5කට වැඩි ප්‍රමාණයක් වූ බවත් මහ බැංකු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද, පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ධූරය භාර ගැනීමෙන් දින කිහිපයකට පසුව සිදුකළ විමර්ශනකදී අත්‍යවාශ්‍ය ආහාර ද්‍රව්‍ය තෙල් හා ගෑස් ඇතුළු සියළු කාරණා සඳහා ආණ්ඩුව සතුව තිබූ සියලු වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 50 ක් බවයි.
-srilanka.mirror.

No comments:

Powered by Blogger.