Header Ads

Breaking News
recent

රට බංකොලොත් කිරීමේ නඩුව! අගෝස්තු 1 ගෝඨාට උසාවිය හමුවේ පෙනී සිටින ලෙසට නියෝගයක්!

රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාර්ඞ් කබ්රාල්, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු තවත් කිහිප දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සමට සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, එළැඹෙන අගෝස්තු පළමු වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබේ.

පෙත්සම ගොනු කළ අවස්ථාවේ, ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනාධිපතිවරයාව සිටි බැවින්, ඔහු වෙනුවට නීතිපති වරයාගේ නම පෙත්සම තුළ සදහන් කර තිබුණද, මේ වන විට ඔහු ජනාධිපති ධූරයෙන් ඉවත්ව ඇති බැවින්, සෘජුවම ඔහගේ නම පෙත්සමට ඇතුළත් කිරීමට පෙත්සම් කරුවෝ කටයුතු කර තිබුණි.

No comments:

Powered by Blogger.