Header Ads

Breaking News
recent

ලංකාවේ ණය ගෙවන ක‍්‍රමය කවුරු හරි කියා දුන්නොත් මෙලොව වශයෙන් කීර්තියක්... පරලොව වශයෙන් පිංකමක් - බන්දුල ගුණවර්ධන

ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය ප්‍රමාණය ගෙවිය හැකි ක්‍රමවේදයක් කියාදෙන දීමට කිසිවෙකුට හැකිනම් එය මෙලොව වශයෙන් කීර්තියක් සහ පරලොව වශයෙන් පින්කමක් යයි ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. 
ණය ගෙවීම සඳහා කිසිම දේශපාලන විසඳුමක් මෙතෙක් හමුවී නැති බව ද හෙතෙම පැවසීය.

රජයේ මුළු බදු ආදායම රුපියල් බිලියන 1298 බවත් ඉන් රජයේ සේවකයන්ගේ වැටුප් හා විශ‍්‍රාම වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 1115 වැයවන බවත් එනම් ආණ්ඩුවේ බදු ආදායමෙන් සියයට අසූ හයක් ඒ සඳහා වැයවන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

රාජ්‍ය ආදායමෙන් එතරම් ප්‍රතිශතයක් රාජ්‍ය වැටුප් හා විශ‍්‍රාම වැටුප් ලෙස ගෙවන එකම රට ශ්‍රී ලංකාව විය හැකි බව තමන් විශ්වාස කරන බවද ඒ මහතා කියා සිටියේය.

ණය උගුලේ සිර වූ පසු ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීමට හැකියාවක් නැති බව පළමුවරට ලොව හමුවේ ප්‍රකාශ කරන ලද බව ද හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.


No comments:

Powered by Blogger.