Header Ads

Breaking News
recent

කල් පැන්න කදුළු ගෑස් ගැන උත්තර දෙන්න පොලිස්පති මුලින් ‘හා’ කියයි! පස්සේ ‘බෑ’ කියයි!

ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව පසුගිය කාලය තුළ පැන නැගුණු මහජන විරෝධතා විසුරුවා හැරීම සදහා පොලිසිය කල් ඉකුත් වූ කදුළු ගෑස් භාවිතා කර ඇති බවට විවිධ පාර්ශ්ව විසින් චෝදනා කර තිබුණි. 
ඒ සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර ගෙදර විසින් තොරතුරු දැන ගැනීමේ කොමිසම හමුවේ ගොනු කළේ ය.

ඒ අනුව විරෝධතා විසුරුවා හැරීම සදහා භාවිතා කරන ලද කදුළු ගෑස් පිළිබදව සත්‍ය තොරතුරු ලබා දෙන ලෙස කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.

අදාල තොරතුරු ලබා දීමට පොලිස්පතිවරයා මුලදී එකග වී තිබුණු නමුත් පසුව ඔහු එය ප්‍රතික්ෂේප කළේ ය.

පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි පොලිස් නීති කොට්ඨාෂයේ නිළධාරියෙකු කොමිසම හමුවේ පවසා ඇත්තේ ජාතික ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවය හේතුවෙන් වැඩි තොරතුරු ලබා දීම පොලිස්පතිවරයා ප්‍රතික්ෂේප කරන බවයි.

ඒ අනුව අදාල විභාගය තොරතුරු දැන ගැනීමේ කොමිසම විසින් අවසන් කර තිබෙන අතර තීන්දුව ප්‍රකාශයට පත් කිරීම එළැඹෙන 27 වන දා ට කල් තබා තිබේ.


No comments:

Powered by Blogger.