Header Ads

Breaking News
recent

වහාම ක්‍රියාත්මක වන පරිදි සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වසාදමයි

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව නැවත වසා දැමීමට තීන්දු කිරීමට සිදු වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

මේ අතර පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (07) පැවැත්වීමට නියමිතව තිබෙනවා. 
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3.15ට මෙම පක්ෂ නායක රැස්වීමට පැවැත්වීමට නියමිත බවයි.

මේ අතර අද පාර්ලිමේන්තුව උදෑසන 9.30ට රැස්වී තිබෙන අතර පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටු රැස්වීමක් ද අද පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතයි.



No comments:

Powered by Blogger.