Header Ads

Breaking News
recent

ගෝඨා අමෙරිකා ගිය කතාව බොරුවක්ලු! ගියේ ඩුබායිවලට! එතනින් යන්න ඉන්නේ යුරෝපෙට!

හිටපු  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් පස් දෙනෙක්  ඇමෙරිකා එක්සත් ජනපදය බලා අද පිටත්ව ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය පළ කොට ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව වාර්තා වේ. 
ඒ අනුව ඊයේ අලුයම් කාලයේ ගෝඨාභය රාජපක්ෂ, බිරිය අයෝමා රාජපක්ෂ , පුතා මනෝජ් රාජපක්ෂ , ලේලිය එස්.ඩී.රාජපක්ෂ සහ මිනිබිරිය ඩී.එච්.රාජපක්ෂ එසේ පිටත්ව ‌ගොස් ඇත්තේ ඩුබායි රාජ්‍යය දදක්වාය.

එහි දින කිහිපපයක් ගත කිරීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා යුරෝපා රටක් වෙත යාමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

නිවාඩුවක් සදහා මෙසේ රාජපක්ෂ පවුල යුරෝපා රටක දින කිහිපයක් ගත කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.

ජනාධිපති ධූරයෙන් ඉවත් වූ පසු ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සහ සිංගප්පූරුවේ ගත කළ කාලය ඇතළත අමෙරිකානු වීසා ලබා ගැනීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළත් එය ව්‍යර්ථ විය.


No comments:

Powered by Blogger.