Header Ads

Breaking News
recent

මීට පස්සෙ සීසර්ලාට වාහන උස්සන්න බෑ! ලීසිං සමාගම්වලට පොලිස්පති පොල්ලක් දමයි! ගන්න ඕන නම් උසාවියේ නඩු දාලා ගන්නලු! උස්සන් ගියොත් පොලිසිය බලාගන්නම්ලු!

කල්බදු සමාගම් සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත්කර ගැනීමේදී  වාහනයේ අයිතිකරු විරෝධය දක්වන්නේ නම් සමාගම් විසින් දිසා අධිකරණයේ නඩු පවරා වාහනය අත්පත් කර ගැනීමට නෛතිකව පියවර ගත යුතු යැයි පොලිස්පතිවරයා නිකුත් කළ නව චක්‍රලේඛයක සඳහන් වේ. 
වාහන කොල්ලකෑම, සොරකම් කිරීම ආදි වරදක් සිදු වුවහොත් ඒ පිළිබඳව  පොලිසිය නීති ක්‍රියාමර්ග ගත යුතු බව ද   එම චක්‍රලේඛයේ සඳහන් වේ.

කල් බදු හෝ මූල්‍ය සමාගම් වාහන හෝ උපකරණ අත්පත්කර ගැනීමක් පිළිබඳව අයිතිකරු ඉදිරිපත්  කරන පැමිණිලි ඇතැම් පොලිස් ස්ථාන මගින් ප්‍රතික්ෂේප කරන බව වාර්තා වී තිබෙන බව ද මින් ඉදිරියට එම පැමිණිලි බාරගෙන නිසි විමර්ශනයක් සිදු කළ යුතු බව ද අවශ්‍ය නීති ක්‍රියාමාර්ග  ගත යුතු බව ද  එහි සඳහන් වේ.


No comments:

Powered by Blogger.