Header Ads

Breaking News
recent

මම බලු පැටියාට ලිංගික අතවර කලේ නෑ - දුෂණ වීඩියෝව බොරුවක්.. ව්‍යාජව සැකසූවක්..- ආශු කියයි | Ashu Marasinghe | Gossip Lanka

මම බලු පැටියාාටලිංගික අතවර කලේ නෑ -  
දුෂණ වීඩියෝව බොරුවක්.. 
ව්‍යාජව සැකසූවක්..
- ආශු කියයි

ආශු මාරසිංහ මහතාගේ අනියම් බිරිඳක් බව පැවසෙන කාන්තාවක් කැටුව මාධ්‍ය හුමුවක් කැදවා තමා සුරතල් බලුපැටවකු ලිංගික අතවරයකට ලක් කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු පිරිස කල චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කරයි.

එම මාධ්‍ය හමුවට ඇය හා එක්වූ කියා සිටියේ තමන් ඔහු හා එක නිවසක ජීවත් වූ බවත් එහිදීද ඔහුගේ මෙම අසාමාන්‍ය හැසිරීම් බොහොමයක් තමන් හඳුනාගත් බවත්ය.

සුරතල් සුනඛයෙකු ලිංගික වශයෙන් අපයෝජනයට ලක් කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කරයි.

ගොසිප්99 අප පෙර පුවතෙන්ම අනාවරනය කර පරිදි තමතමන් එම චෝදනා එල්ල කරන කාන්තාව අධ්‍යක්ෂක ධුරය දරණ සමාගමක ඇතිවූ මුදල් ආරවුලක් මෙම අසත්‍ය චෝදනා එල්ල කිරීමට මුල් වී ඇතැයිද ඔහු කියා සිටියි.

තමන් සම්බන්ධයෙන් සමාජජාලාවල හුවමාරු වන වීඩියෝ පටය ව්‍යාජ ලෙස සකසන ලද්දක් බව ද ඔහු කියා සිටියි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන ලද බවද ඔහුගේ නීතීඥයා පැවසීය. 

ඊයේ දහවල් නීතිඥවරයෙකු සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි මහාචාර්ය ආශු මාරසිංහ මහතා සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව මාධ්‍ය කළ විමසීමට දුන් පිළිතුර මේ.

නීතිඥ ප්‍රවී කරුණාරත්න මහතා,

මාගේ සේවාදායකයා වන ආචාර්ය අශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් ඉතාමත් පිළිකුල් සහගත ලෙස ජුගුප්සාජනක අසත්‍ය සංස්කරණය කරන ලද වීඩියෝ පටයක් මේ වනවිට සමාජ ජාල තුළ සංසරණය වනවා. ඡයා රූප කිහිපයක් කරුණු විකෘති වෙන විදියේ ඡායා රූප කිහිපයක් ඉදිරිපත් කරමින් මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ දිනයේ පැවැත්වුණා. ඒ සම්බන්ධව මේ සිය කරුණු සිදුවීමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මගේ සේවාදායකයා විසින් පැමිණිල්ලක් ඉදිරිත් කර තිබුණා. මේ පැවති තර්ජනය සම්බන්ධයෙන්. විශේෂයෙන් ප්‍රකාශ කරන්න ඔ්න මෙම මගේ සේවාදායකයා හා එක්තරා කාන්තාවක් අධ්‍යක්ෂ ධුරය දරණ සමාගමක ඇති වන ආරවුලක් සහ ඒ සමාගමේ ආරවුල මත විශාල මුදල් ප්‍රමාණයක් මගේ සේවා දායකයාගෙන් ඉල්ලා තිබෙන පසුබිමකයි මෙම කරුණු සිදු වෙන්නේ දැන් මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් අද දින මගේ සේවාදායකයා විසින් ලබා දුන්නා.

අද පස්වරුවේ පොලිස් මූලස්ථානයට පැමිණි පරිසරවේදීන් සහ සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනි ක්‍රියාකාරීන් පිරිසක් හිටපු ජානාධිපති උපදේශක ආශු මාරසිංහ මහතාට එරෙහිව පැමිණිල්ලක් කළේ ය.

රෙයා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, පංචාලි පනාපිටිය,

එක හරිම දරුණු දෙයක්. හුඟක් අය මං දැකලා තියෙනවා මේක විහිලුවකට වගේ අරන් තියෙනවා. නමුත් මේක සමාජයට ලොකු තර්ජනයක් මෙහෙම විකෘති කාමාශාවල් තියෙන මිනිස්සු. දැන් නිකං හිතලා බලන්න මේ දේම පොඩි ළමයෙක්ට උනා නම්. මේ වගේ මිනිස්සු සමාජය අපි ඇවිදගෙන යනකොට දරුවෙක් කොහොමද පාරකට යවන්නේ. කාන්තාවක් කොහොමද බය නැතුව පාරේ යන්නෙ. මේ මහචාර්යවරයා උගන්වන ශිෂ්‍යයන්ට එහෙම මොනවා කරනව ඇද්ද. අපට හිතාගන්න බෑ. මේ එක වීඩියෝ එකක්නෙ එළියට ඇවිත් තියෙන්නෙ. මේ බලු පැටියාට තව මොනවා කරන්නද හිතලා බලන්නකෝ. මේක සත්ත්ව හිංසනයට වගේ ම සමාජ ආරක්ෂාවට ඉතාම දරුණු දෙයක් ලොකු ත්‍රෙට් එකක් කියලා තමයි මට කියන්න තියෙන්නේ

මේ අතර තවත් ක්‍රියාකාරී පාර්ශව කිහිපයක් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය.

සත්ත්ව සුබසාදනය හා සමාජ ආරක්ෂාව සඳහා වූ මහනුවර සංසදයේ ලේකම් චම්පා ප්‍රනාන්දු,


දැන් මේ චෝදනාවට ලක් වී ඇති මහා වැදගත් යැයි කියන චරිතය ගැන අපි කතා කරනවා. මොහු රටේ තීන්දු තීරණ ගැනීමට පවා සම්බන්ධ වූ කෙනෙක්. මම බලාපොරොත්තු වෙනවා ඔහුගේ මේ ක්‍රියාව පිළිබඳව විදෙස් මාධ්‍යවල හා ජාත්‍යන්තර සත්ත්ව සංවිධානවල අවධානය යොමු විය යුතුයි කියලා. මම බලාපොරොත්තු වෙනවා ඔහුගේ මානසික මට්ටම පරීක්ෂා කළ යුතුයි කියලා. මම හිතනවා මෙයට සාධරණය ඉටුවෙයි කියලා. මම හිතනවා මෙම හිංසනයට ලක් වූ එම සුනඛයාට ප්‍රතිකාර ලබා දෙනවා කියලා.

මේ අතර ශ්‍රී ලංකාවේ සත්ත්වයින් මුදවා ගැනීමේ සංවිධානය ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම හෙළා දැක ඇති අතර මේ සම්බන්ධයෙන් වහා නීතිමය ක්‍රියාමාර්ගගත යුතු බව අවධාරණය කරයි.

එහි නියෝජිත අනුෂා ඩේවිඩ් මහත්මිය වැඩිදුරටත් අවධාරණය කරන්නේ, අපයෝජනය දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර හඬක් නැගිය නොහැකි සත්ත්වයින් අපයෝජනයට ලක් කිරීම බරපතළ වරදක් බවයි.

මෙම නින්දිත ක්‍රියාව මගින් රටටත් වත්මන් ආණ්ඩුවටත් දැඩි කැලලක් බව ද ශ්‍රී ලංකාවේ සත්ත්වයින් මුදවා ගැනීමේ සංවිධානය පෙන්වා දෙයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශවයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ගෝලීය සත්ත්ව සංවිධානයක් වන පීඊටීඒ සංවිධානය ද නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

අදාළ විමර්ශනවලින් ආශු මාරසිංහ මහතා වරදකරු වුවහොත් මෙරට නීතිය යටතේ දිය හැකි උපරිම දඬුවම් ලබාදිය යුතු බව එම සංවිධානය පෙන්වා දෙයි.

No comments:

Powered by Blogger.