Header Ads

Breaking News
recent

ජාතිවාදය හා ආගම්වාදය පුපුරුවා හල කිතු උපත - සුභ නත්තලක් වේවා! | Merry Christmas

ජාතිවාදය හා ආගම්වාදය පුපුරුවා හල කිතු උපත
සුභ නත්තලක් වේවා!

කිතු තුමන්ගේ උපත පිළිබඳ ඉඟි කරන ප්රතකාශයක මෙසේ සඳහන් වේ. ‘අන්ධකාරයෙහි ඇවිද්ද සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය. ඝනඳුරු දේශයෙහි විසු අය කෙරෙහි එළියක් දැන් බැබලෙන්නේය” (ශුද්ධ වු බයිබලය – යෙසායා 9/2)


කිතු තුමන්ගේ උපත අලෝකයක් වුනේ ජාතිවාදයෙන් ආගම්වාදයෙන් පිරුණු, පීඩාවෙන් වහල්කමින් ජනයා තැළි පෙළි පොඩිවුනු දේශයකටය. ජනතාවකටය. කිතු තුමන් ජාතිවාදයට ආගම්වාදයට දැක් වු ප්රෙතිචාරය කිතු උපත සිහිපත් කරන මේ කාලය තුළ මෙනෙහි කිරිම ජාතිවාදයේ ඝනාන්ධකාරයට මිනිසුන් ඇද දමන අප රටට ද ජාතිවාදය හා ආගම්වාදය තුළ සවිඥානිකව හෝ අවිඥානිකව ගිලි යන ජනයාටද ආලෝකයක් වනු ඇත.

එය රෝගී සමාජයකි.

කිතු උපත සිදුවන කාලය වන විට ජුදයාවේ පැවැතියේ ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් රෝගී වු සමාජයකි. ජුදා ජාතිකවාදයේ මුහුණුවර දෙකක් විය. එකක් වූයේ එදා ජුදයාව යටපත් කරගෙන සිටි රෝම අධිරාජ්ය.වාදය පළවා හැරීම සඳහා කුළු ගැනුවුනු දේශප්රේ්මයයි. දෙවැන්න රට තුළ සිටි වෙනත් ජාතින් වෙනත් ඇදහිලිවතුන් පීඩාවට පත් කළ ජුදා මහාජාතිවාදයයි. සියොන්වාදයයි. තමන් “තෝරාගත් ජනතාවයි” යන මතයයි. පළමුවැන්න රැඩිකල් මුහුණුවරක් ගත් අතර දෙවැන්ත අන්තවාදි මුහුණුවරක් ගත්තේය. පළමුවැන්න සෙලට්වරු ස්කාරිවරු නියෝජනය කළ අතර දෙවැන්න මූලික වශයෙන් සදිසිවරු, පරිසිවරු ජුදා පූජකවරු නිfාය්ජනය කළෝය. එදා ජාතිවාදය ඉතා ප්ර බල ලෙස හා සියුම් ලෙස ජුදා ආගම්වාදය හා බැඳි තිබුණි. ලොව කොතැනක හෝ ජාතිවාදය හා ආගම්වාදය ඇත්නම් ඒ සමාජය රෝගී සමාජයකි. අදඅ ප රටද එවැන්නෙකි.

එම්බා පොළොං වංශය !

කිතු තුමන්ගේ දූත සේවාවට පෙර මඟ සූදානම් කරන්නා ලෙස හඳුන්වන්නාවුද එකල ජුදයාවේ පැවැති සමාජ දේශපාලන ව්යාපපාර අතරින් ජේසු තුමන් වඩා ආකර්ශනීයවූවාද ස්නාවක ජුවාම් තුමා තමන් “තෝරාගත් ජනතාවය” “ගැලවීම ලබන්නේ තමන්ය” යන හැඟීමෙන් වංශය කබල්ගාමින් අනෙකුත් පහත් කොට සැලකු ජුදා ජනයාව කර්කශ ලෙස විවේචනය කරන්නේ ‘පොළොං වංශය’ ලෙස හඳුන්වමිනි.

“එම්බා පොළොං වංශය” එන්න තිබෙන උදහසින් පලා යන්නට නුඹලාට අවවාද කළේ කවරෙක්ද? එබැවින් ආබ්රළහම් අපේ පියාණෝ යැයි සිතින් කියාගන්න පටන් නොගෙන පසුතැවි සිත් හරවා ගත් බව දැක්වෙන ලෙස හැසිරෙන්න, මන්ද මේ ගල් වලින් ආබ්රටහම්ට දරු පරපුරක් උපදවා දෙන්නට දෙවියන් වහන්සේට හැකිය’ (ලුක් 3/7-8)

ජනතාව ජාතිවාදයෙන් මුලා කරමින් ජනතාවට ජාතිවාදි විස පොවන නායකයින් කව්දැයි සිත බලන ලෙස ජනතාවට ආරාධනා කරන ජුවාම් තුමා වංශය කබල් ගෑමෙන් ගැලවීම විමුක්තිය ලබාගත නොහැකි බව පෙන්වා දෙන්නේය. ජේසුස් වහන්සේ තම දූත මෙහෙවරට පිවිසෙන්නේ මෙම ස්නාවක ජුවාම්ගෙන් විවරණ ලබමිනි.

ජේසු තුමාගේ පණිවුඩය

ජේසු තුමා ගෙනා ප්රයධාන පණිවුඩය වූයේ දේව රාජ්යමයි. ප්රේසමයේ රාජ්යයයයි. සාමයේ රාජ්යොයයි. දේව පාලනයක් සහිත සමාජයක්. කාලයක් පිළිබඳ පණිවුඩයයි. එම සමාජය, කාලය උදා වීමට අත්යාතවශ්ය කොන්දේසියක් ලෙස ආගම්බේදය, ජාතිවාදය නිමා කළ යුතු බව එතුමා පෙන්වා දුන්නේය.


ජාතිවාදය ආගම්වාදය තිබෙන තැනක සාමය උදා නොවේ. සාමය උදාවීමට නම් මිනිසුන් ජාතිවාදයෙන් ආගම්වාදයෙන් මිදිය යුතුයි. ජේසු කොහොමද ආගම්වාදි ජාතිවාදි සමාජයක ඉපදී ඊට විරුද්ධ මිනිසෙක් ලෙස නැඟී සිටියේ. ජේසු තුමන් එදා සමාජයේ පැවැති ආගම්වාදයෙන් ජාතිවාදයෙන් වද්දල් වු අධ්යාිපන ක්රයමයෙන් පිටමං වූවෙකු වීමත්, ගැඹුරු ලෙසින් ජනයා පීඩාවට පත්වීමේ හේතු හඳුනා ගැනීමට හැකි යාච්ඥාවක, මෙනෙහි කිරිමක සිටිමත් ඊට හේතු වු බව පෙනෙනවා.

බල්ලෝ හා දරුවෝ

ජේසු තුමන් සිටි සමාජයේදි වෙනත් ජාතින්ට සැලකුවේ ඉතා පහත් ආකාරයටයි. එකල ඔවුන්ව ‘බල්ලන්’ ලෙස හැදින්වූවා. ඒ හැඳින්වීමට අපේ රටේ ‘පර දෙමල්ලු’ ‘කල්ලිතෝනි’ ‘හම්බයෝ’ ආදි ලෙස අන් ජාතින්ව ඇතැමුන් හඳුන්වනවා වාගේ’ ගර්හා කිරිමට භාවිතා කළ යෙදුමක්. ජේසු තුමන්ගේ දූත කාර්යයේ මුල් කාලයේ සිදුවිමක මේ ගැන ප්ර කාශ වෙනවා. උන්වහන්සේ වෙත විජාතික ස්ත්රීරයක් පැමිණ ඇයගේ දුව සුවපත් කරන ලෙස ඉල්ලා සිටියාය.

‘මා එවන ලද්දේ ඊශ්රිිරායල් වංශයේ නැති වු බැටළුවන් වෙත පමණකැයි වදාල සේක. එහෙත් ඈ අවුත් පසඟ පිහිටුවා උන්වහන්සේට වැඳ ‘ස්වාමිනි මට පිහිට වුව මැනවයි කීවාය’ උන්වහන්සේ උත්තර දෙමින් දරුවන්ගේ කෑම ගෙන බල්ලන්ට දැමිය යුතු නැතැයි වදාළ සේක”
(මතෙව් 15/12-28 කියවන්න)

පසුව ජේසු තුමන් එම ස්ත්රීදයගේ නැවත ඉල්ලීම තුල තමා දැක් වු ප්ර තිචාරය වෙනස් කර ඇය ඉල්ලු දෙය ලබා දෙනවා. ජේසුගේ පළමු ප්රැතිචාරය තුළ එදා ජුදා වංශය තුල පැවැති ජාතිවාදය ඉස්මතු කොට දක්වා පසුව ඇයට උපකාර කිරිමෙන් ඒ ජාතිවාදය අභිබවා යාම ඉස්මතු කරයි. අවිඥානික ජාතිවාදියාව, ආගම්වාදියාව පරාජය කර සැබැ දේව පුත්රමයාව හෙවත් මනුෂය පුත්රායාව ඉස්මතු කර ගැනීම ගැලවීම සඳහා අත්යාරවශ්යවයි.

ජාතිවාදය ආගම්වාදය සහිත සංස්කෘතික උපත ලබා එවැනි සංස්කෘතියක් පෝෂණය කරන පාසල්වල ඉගෙන ගන්නා වත්මන් සමාජයේ ඕනැම අයෙකු තුළ අවිඥානිකව හෝ ජාතිවාදියෙකු ආගම්වාදියෙකු සිටිනවා. ජේසු තුමන් පෙන්වා දුන් පරිදි සැබැ මිනිසෙකු වීමට නම් ඒ අවිඥානික ජාතිවාදියාව තම හිතෙන් හිසෙන් මරා දමන්න ඕනි. විශ්වීය මිනිසෙකු ලෙස නැවත ඉපදෙන්න ඕනි. කිතු උපත සමරන්න නම් අපි තුළ ඒ උපත සිදු විය යුතුයි.

ජේසු බලන්න ආ රජවරු

ජේසු තුමන්ගේ උපත ගැන වාර්තා කරන ශුද්ධ වු මතෙව් තුමා ජේසු තුමන්ගේ උපත පෙන්නුම් කරන්නේ එදා පැවැති ජාතිවාදය ආගම්වාදය පුපුරුවා හල උපතක් ලෙසයි. ජේසු තුමාගේ උපත දැනගත් ශාස්ත්රැවන්තයින් පෙරදිගින් පැමිණි එතුමා බැහැදුටු බවත් ජුදයාවේ රජ වු හෙරොද් ජේසු තුමන් ව මරා දැමිම සඳහා මහා ළදරු ඝාතනයක් කළ බවත් මතෙව් තුමා විස්තර කරයි. (බලන්න මතෙව් 2/1-18)

ශුද්ධ වු මතෙව් මේ සිදුවීම් තුළින් පෙන්වා දෙන්නේ ජුදෙව් ලෝකය බලාපොරොත්තු වෙමින් සිටි විමුක්තිදායකයාණන් වහන්සේ ජේසුස් වහන්සේ බව හා උන්වහන්සේගේ මාතෘ භූමිය වු ජුදෙව් රටට පමණක් නොව සකල ලෝකවාසින්ටම උන්වහන්සේ පණිවුඩය පොදු බවයි. තවද මතෙව් තුමා සඳහන් කරන ජාතින්ගේ විනිශ්චය දවස පිලිබඳ කිතු තුමා කී උපමාව මගින්ද උන්වහන්සේ ජුදයින්ගේ නොව සියළු ජාතින්ගේ ගැලවුම්කරු බව පෙන්වා දෙයි. ඒ වනාහි ජුදා මහා ජාතිවාදයට එල්ල කරන දරුනු පහරකි.

ජේසු හා පීඩිත ජාතින්

ජුදයාව තුළ විසු සමරිතානුවරුන් යනු මිශ්ර වු ජුදාවරුන්ය. ජුදාවරු විසින් විජාතිකයින්ටත් වඩා මේ සමරිතානුවරුන්ව පහත් කොට. පිළිකුල් කොට සලකන ලදී. ජුදාවරු ගමන් බිමන් යද්දි සමාරියාව හරහා නොයා වටරවුම් පාරවල් වලින් ගමන් ගත්තේ සමාරිය ජාතිකයින්ව ඒ තරමට පිළිකුල් කරමිනි. ඔවුන්ගෙන් වතුර බිව්වත්, ඔවුන්ගේ ලිදකින් වතුර ගැනීමවත් ජුදාවරු සිදු නොකළේය. ජේසු තුමන් ඉතා රැඩිකල් ලෙස ඒ සීමා මායිම් කඩා බිඳ දමනු ලැබුවේය.

මේ බව පෙන්වා දෙන සිදුවීම් ගණනාවක් ඇත. ‘අසල්වාසියා කව්ද? යන්න පහදා දීමට ජේසු තුමන් ගෙනහැර පෑ යහපත් සමරිතානුවරයාගේ උපමාව ඉන් එකකි. ජුදා විනයධරයෙකු අසන ඒ පැනයට ජේසු තුමන් උපමාවකින් පිළිතුරු දෙයි. ජුදයාවේ සිට පෙරිකෝව බලා යන මිනිසෙකු හොර මුළකට හසුවිය. සොරු ඔහුගේ වස්තුව පැහැර ගෙන තලා පෙලා මහ මඟ දමා යන්න ගියහ.

ඒ අතර එක් පූජකයෙක් ඔහු දැක මඟ හැර ගිය බවත්, ලෙවියෙක්ද එසේ කල බවත් නමුත් සමාරියෙකු ඔහු දැක ඔහුට උපකාර කළ බවත් ජේසු තුමන් පෙන්වා දී සැබැ අසල්වාසියා වූයේ කවරෙක්දැයි පහදා දෙයි. ජුදා පූජකයා, ජුදා ලොවියා නොව ජුදාවරුන් පිළිකුල් කරන සමාරියාව ජේසු තුමන් ඔසවා තබන්නේ ජුදා මහාජාතිවාදයට ප්රසබලව අභියෝග කරමිනි. අසල්වැසියා යන්නට ජාතිය. ආගම කුලය වංශය ඉක්මවා ගිය අරුතක් ලබා දෙමිනි.

එසේම ජුදා ජාතිකයෙකු වු ජේසු තුමා ජුදා ජාතිකයින් නොයන සමාරියාව හරහා සෑම විටම ගමන් කළේය. සමාරිය ස්ත්රීුයක හා කතා කරමින් ඇගෙන් වතුර ඉල්ලගෙන පානය කරයි. එපමණක් නොව සමාරිය ගමේ දින දෙකක් නතරව ඔවුන්ට ධර්මය දේශනා කළේය. (කියවන්න ජුවාම් 4/1-40)

ජේසු තුමන් ලාදුරු රෝගීන් දස දෙනෙකු සුවපත් කරනු ලැබු සිදුවීමේදිද කෘත ගුණය දැක්වූයේ එහි සිටි එකම සමරිකානුවරයා පමණක් බව මතු කරමින් ජුද මහා ජාතියේ පුහු ආඩම්බරය පුහු ආගමිකභාවය හෙලා දකි. (බලන්න ලුක් 13/11-19)

පීඩිතයින්ට හිංසා නොකරව

පීඩිත ජාතින්ගෙන් පීඩක ජාතින් වෙත එල්ලවන විරෝධය ජේසු තුමන් ඉතා හොඳින් තේරුම් ගත් අතර එය ගන්නා ලෙස තම ශ්රාතවකයින්ටද අවවාද කළේය. එක් අවස්ථාවකදි ජේසු තුමන්ට හා ශ්රාඑවකයින්ට සමාරිය ගමකනි් විරෝධයක් එල්ල විය. එවිට ජේසු තුමන්ගේ ගෝලයින් මෙසේ ඉ්ලලා සිටියෝය. ‘ස්වාමිනි, මොවුන් විනාශ කරන පිණිස අහසින් ගිනි වැටෙන්නට අප අණ කරනවාට ඔබ කැමැති සේක් දැයි” ඇසුහ. උන්වහන්සේ හැරි ඔවුන්ට තරවු කළ සේක. ඉන්පසු ඔව් හු අන් ගමකට ගියහ. (බලන්න ලුක් 9/51-55)

මෙහිදි සිදුවන්නේ පීඩිත ජාතිය තුළ පවතින විරෝධය ඉස්මතු වීමෙකි. එහිදි ජෙුස්ගේ ශ්රාෙවකයින් තුළ පවතින අවිඥානික ජාතිවාදය ඉස්මතුව ඔවුන් විනාශ කිරිමට අදහස් කරයි. ‘ඔබ වහන්සේ මෙච්චර මුන්ට දයාව දක්වද්දීත් මුන් ඔබ වහන්සේටත් විරුද්ධ වෙනවානේ” වැනි හැඟීමෙන් වඩනා ලදුව ඒ ප්ර්තිචාරය දක්වයි. එහෙත් ජේසු තුමා ඔවුන්ට තරවටු කරන්නේ පීඩිතයාව තේරම් ගනුව. ඔහුට හිංසා නොකරව යන පදනම මත පිහිටාය. අද අප බොහෝ දෙනෙකුට නැත්තේ පීඩිත ජාතින්ගේ ප්රහතිචාරය තේරුම් ගැනීමට හැකි ප්රජඥාවයි.

පීඩිත ජාතින් හා අනන්යත වු ජේසු

ජේසු තුමා ඉතා තදින් ජුදා ආගම්වාදය හා ජාතිවාදය අභියෝගයට ලක් කළ නිසාම ජුදාවරු ජේසු තුමාව සමාරියෙකු ලෙස හංවඩු ගසන ලදී. යක්ෂවේශ වූවෙකු ලෙස හංවඩු ගසන ලදී. එය වර්ථමානයේ පීඩිත ජාතින්ගේ අයිතින් ගැන හඬ නගන්නන් ‘දේශද්රෝෙහින්’ ‘සිංහල කොටි’ ආදි ලෙස හංවඩු ගසා මරා දැමිය යුතු අය ලෙස නම් කරන ආකාරයේ ප්ර්තිචාරයකි. ජේසු තුමා ජාතිවාදින්ට ආගම්වාදින්ට, වංශ කබල්ගන්නවුන්ට ‘විමුක්තිදායක සත්යා’ අවබෝධ වී නැති බවත්, අවබෝධ කර ගත නොහැකි බවත් පෙන්වා දෙයි. ආගම්වාදින් සිදු කරන්නේ තමන් අදහනවා. සුරකිනවා කියක ධර්මයේ විමුක්තිදායක සත්යශ විනාශ කිරිම බව ජේසු තුමා පෙන්වා දෙයි.

“ජුදෙව්වරු උත්තර දෙමින් ඔබ සමාරියෙකු බවත් ඔබට දුෂ්ටාත්මයෙකු ආවේශ වී ඇති බවත් අප කියන විට එය ඇත්ත නොවේදැයි ඇසුහ” (කියවන්න ජොහාන් 8/51-59)

අප ඉහත සැකවින් සාකච්ඡා කළේ නත්තලේදි උපන් ජේසු තුමන් ආගම්වාදයට හා ජාතිවාදය පුපුරුවා හැරීම සඳහා ක්රිළයා කළ ආකාර කීපයකි. එහෙත් කිතු උපත වසර 2000 ක පමන කාලයක් පුරා සමරන කිතුනුවෝ ක්රිිස්තු ආකල්පය තමන්ගේ කරගෙන නැත. වසර 2000 ක ඉතිහාසය තුළ ජාතියේ නාමයෙන් ආගමේ නාමයෙන් ලොව පුරා ගලා ගිය රුධිර ගංගා ඒ බවට සාක්ෂි දරයි.

ජාතිවාදයන් ආගම්වාදයන් කරපින්නාගත් එදා ජුදා ආගමික හා සමාජ නායකයින් සේම අදත් කිතුනු නොකිතුනු ආගමික හා සමාජීය නායකයින් බොහෝ දෙනෙකු ජාතිවාදයේ ආගම්වාදයේ අඳුරට මේ ලෝකය ඇද දමති එසේ කරමින් අන්ධකාරයේ ඇවිද්දා වු සෙනඟට මහත් ආලෝකයක් උදා වූයේ යැයි කියමින් කිතු උපතේ ආලෝකයට පිටුපා වෙළඳපොළ නත්තල සමරති. ඒ නත්තලට සුබපැතුම් එක් කරති.

වර්ථමාන අරුත

වර්ථමානයේ ජීවත් වන කිතුනුවන්ට වැදගත් විය යුත්තේ ක්රිමස්තු වහන්සෙගේ පළමු පැමිනීම හෙවත් මීට වසර 2015 කට පමණ පෙර සිදු වු කිතු උපත නොවේ. කිතු තුමන්ගේ දෙවැනි පැමිණිම හෙවත් දේව රාජ්ය යේ උදාවයි. ශුද්ධ වු බයිබලයේ තුළද, ක්රිනස්තු වහන්සෙගේ පළමු පැමිණීම ගැන සඳහන් වනවාට වඩා වැඩි වාර ගණනක් උන්වහන්සෙගේ දෙවැනි පැමිණීම ගැන සඳහන් වෙයි.

එකී ගැලවීම හෙවත් දේව රාජ්යා උදා වු වනාහි නිවහල් බව පතන සෑම ජනතාවකගේම අභිලාෂයන් ඉටු වන විශ්ව සහෝදරත්වය තුළ දෙවියන් වහන්සෙ තමන් අතර ජීවමාන බව දැනෙන සමාජයකී. අලුත් අහසකි. අලුත් පොළවකි.


2016 ශ්රීඅ ලාංකීය යථාර්ථය ජාතිවාදයේ ඝනාන්ධකාරය සතර වටින් අලුත් වටයකින් නැගී එන්නාවු යථාර්ථයකි. එවැනි යථාර්ථයක් තුළ ක්රිථස්තු උප්පත්ති මංගල්යිය සැමරීමට අරුතක් එක් වී හැක්කේ එකී සැමරුම් ජාතිවාදයේ ඝන අඳුර තුළ ගාල් වන ජනතාවට ආලෝකයක් වන්නේ නම් පමණී.


මන්ද අද දවසේ කිතුනුවකුගේ ජීවිත අරුත වන්නේ දේව රාජ්යආයේ වටිනාකම් අප රට තුළ මේ ලොව තුල ගොඩනැගීමයි. එහිදි තමා සතු අවිඥානික ජාතිවාදයේ මිදීමට කිතු උපත සැමරීම ගැඹුරු අවස්ථාවක් කර ගත යුතුය. ශාස්ත්රමවන්තයින් හෙරොත්ගේ ඝාතන සැලසුමට දායක නොවී ගැලවුම්කරු බැහැ දැක අන් මගකින් ගියා සේ අපිදු ජාතිවාදයේ අංශුමාත්රොය පවා අත්නොහලොත් අප ගනු ලබන්නේ උපන් ගැලවුම්කරුගේ පැත්ත නොව, ළදරු ඝාතකයාගේ පැත්තයි.


කිතුසර කණ්ඩායම





No comments:

Powered by Blogger.