Header Ads

Breaking News
recent

රදැල්ල අනතුරින් මිය ගිය 07 අතර දරුවන් 03ක්… අවශ්‍ය වුවොත් ගුවන් මගින් රෝගීන් ගෙන එන්නට හෙළිකොප්ටරයක් සූදානම්!

තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපන චාරිකාවකට සම්බන්ධ වී සිටි තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථය රදැල්ල ප්‍රදේශයේ දී  වෑන් රථයක් සහ ත්‍රී රෝද රථයක් අනතුරට පත් කර  ප්‍රපාතයකට ඇද වැටී සිදුවූ අනතුරින් වෑන් රථයේ ගමන් කරමින් සිටි දරුවන් තිදෙනෙක් මරණයට පත් වී තිබේ.

අනතුරින් අසාධ්‍ය  පිරිස් සිටීනම් ගුවන් මගින් කොළඹට රැගෙන එන ලෙස ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව, අවශ්‍යතායක් පැණනැගුණහොත් ඊට ගුවනින් සහයවීම සඳහා රත්මලාන කඳවුරේ M-17 හෙළියානයක් සූදානම් කොට තිබේ.

සිසුන් රැගත් බස් රථය වෑන් රථයක සහ ත්‍රීවිලයක ගැටීම හේතුවෙන් සිදුවු අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් 06 දෙනෙකු සහ ත්‍රීවීලයේ පැමිණි 01 පුද්ගලයෙකු මිය ගොස් 53 දෙනෙකු තුවාල ලැබූහ.

අනතුරින්    හමීෂා (08), මෝරියම්(12) නැමැති ගැහැණු දරුවන් දෙදෙනා ද සෙයික් (13) නැමැති පිරිමි දරුවා ද මිය ගොස් ඇත. මෙම දරුවන් තිදෙනාත් ෆාතිමා අයිෂා (43), අබ්දුල් රහීම් (27),  රාමයියා කෝෂරාජ්(26) යන තිදෙනාත් ඇතුඅළු හය දෙනා වෑන් රථයේ ගමන් කරමින් සිටිය දි අනතුරින් මිය ගොස් තිබේ.

ශන්මුගනාදන් නැමැති 27 හැවිරිදි තරුණයා ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටිය දි අනතුරින් මිය ගොස් ඇත.

වෑන් රථයේ ගමන් කරමින් සිටි හමිලා (18) නැමැති තරුණියක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
කෙසේ වෙත්ත තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පතිවරයා ප්‍රකාශ කර තිබුනේ බස් රථයේ ගමන් කළ කිසිවෙකුට බරපතල තුවාල සිදුවි නැති බවය.



No comments:

Powered by Blogger.