Header Ads

Breaking News
recent

මම එහෙම චරිතයක් නෙවෙයි - මගේ දඩබ්බරකමෙන් කිසිම කෙනෙක්ට හානියක් නැහැ - කෝලම් කුට්ටමේ අනුරාධා එදිරිසිංහ | Anuradha edirisinghe | Kolam kuttama

මම එහෙම චරිතයක් නෙවෙයි 
මගේ දඩබ්බරකමෙන් කිසිම කෙනෙක්ට හානියක් නැහැ 
කෝලම් කුට්ටමේ අනුරාධා එදිරිසිංහ

පුංචි තිරයේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිරූපන ක්ෂේත්‍රයේත් දකින්න ලැබෙන සුරූපිනියක් ගැනයි මේ කතාබහ. මේ දිනවල කෝලම් කුට්ටම සහ නන්නත්තාර ටෙලි නාට්‍ය ඔස්සේ ආලින්දයට ගොඩවදින, කවුරුත් ආදරය කරන ඇය අනුරාධා එදිරිසිංහ. තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් රසික සිත් ඇදගන්නා ලෙස, ඉතා සාර්ථකව තමන්ගේ කරගන්නා ඇය වෙනස් වූත්, විවිධ චරිත ඔස්සේ තම රංගන හැකියාව පෙන්වනවා. ඇයත් එක්ක සුහද පිළිසඳරකට එකතු වෙන්න අපට අවස්ථාව ලැබුණා.

මොනවද මේ දවස්වල අලුත් වැඩකටයුතු?

මේ දවස්වල කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිදු කෙරෙනවා. නන්නත්තාර ටෙලි නාට්‍යයේ නම් රූගතකිරීම් මේ වන විට අවසන් වෙලයි තියෙන්නේ.

මෙතෙක් රඟපෑ චරිතවලින් වඩාත්ම හිතට දැනුණු චරිතෙ මොකක්ද?

එහෙම හිතට දැනුණු නිර්මාණ කිහිපයක්ම තිබුණා. ඒ අතරින් රාවණා නිර්මාණයේ “පුශ්පෝත්කතා” කියන චරිතය මට හුඟක්ම දැනුණු චරිතයක්. ඒක තමයි රූපවාහිනියේ විකාශනය වුණු මගේ පළමුවැනි වගේම ප්‍රධාන චරිතය. එයින් පස්සේ ගිරිදේවි ටෙලි නාට්‍යයේ රූපිකා, ගරුඩ මුහුර්තයේ පුසුඹි, මැටි කඩුලු නිර්මාණයේ හීන් මැණිකා කියන චරිතත් මම බොහොම කැමැත්තෙන් බාර ගත් හිතට දැනුණු චරිත කිහිපයක්.

රංගනයට පිවිසුණේ කොහොමද?

මට රංගනයට පිවිසෙන්න අවස්ථාව ලැබෙන්නේ වෙළඳ දැන්වීමක් හරහා. ඒ අවස්ථාව මට ලැබුණේ අහම්බෙන්. එතැනින් ආරම්භ කරපු ගමන තමයි මේ.

කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ හිරුණි ටීචර් ටිකක් දඩබ්බර චරිතයක්. සැබෑ ජීවිතේ අනුරාධාත් එහෙම කෙනෙක්ද?

අපෝ නැහැ. අසාධාරණයක් දැක්කොත් ඒකට කතා කරනවා. හැබැයි කවුරුහරි බොරු කිව්වොත් නම් හුඟක් තරහ එනවා. හිරුණි කියන්නේ තමන්ගේ රැකියාව රැකගන්න කරන්න පු`ඵවන් හැමදේම කරන කෙනෙක්. නමුත් සැබෑ ජීවිතේ මම එහෙම චරිතයක් නෙවෙයි. දඩබ්බරකම නැත්තෙම නැහැ. හැබැයි මගේ දඩබ්බරකමෙන් කිසිම කෙනෙක්ට හානියක් නැහැ.

ඉදිරියේදී ඔබ දායක වන අලුත් නිර්මාණ එහෙම තියෙනවද?

ඔව්, ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂකවරයාගේ ‘සුසුම් රස්තියාදුවක්’ කියන අලුත් නිර්මාණයට දායකවෙලා ඉන්නවා. ඊට අමතරව අලුතින්ම සම්බන්ධ වුණා තවත් වැඩකට. ඒ ශාන් ජයරත්න අධ්‍යක්ෂණයෙන්ද සංජීව කැමරා අධ්‍යක්ෂණයෙන්ද නිර්මාණය වුණු ලස්සන වැඩක්. එහි රූගත කිරීම් කළේ පෑලියගොඩ වත්තක. හරිම ආසාවෙන් කරපු ලස්සන වැඩක්. මේ නිර්මාණය එළියට එනතුරු මමත් ආසාවෙන් බලන් ඉන්නවා.

රංගන ජීවිතේ ඔබ වැඩිපුරම ආදරය කරන චරිතය කවුද?

ශලිනි තාරකා. ඇය මගෙම අක්කා. ඒක නිකන් වචනයක් විතරක් නෙවෙයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය මගෙම අක්කා. ඒ දැනෙන හැඟීම ගැන කියන්න මට වචන මදි.

සිනමාව පැත්තට කැමති නැද්ද?

අකමැත්තක් නැහැ. හැබැයි මේ තාක් කිසිම සිනමා නිර්මාණයකට සම්බන්ධවෙලා නැහැ.

සම්මානනීය නිළියක් විදියට ඔබ රංගන හැකියාව තවත් වැඩිදියුණු කරගන්න මොනවද කරන්නේ? ක්ෂේත්‍රයට එන නවකයින් කැමතිවෙයි ඒ ගැන දැනගන්න.

මම හිතන්නේ මමත් තවම නවකයෙක් කියලා. බොහෝ දේවල් මමත් තවම සොයන ගමන් ඉන්නේ. මුලින්ම රඟපාන්න එන අවස්ථාවෙත් මම අනෝජා වීරසිංහ මහත්මියගේ අභින වැඩමුළුවට සම්බන්ධ වුණා. මට කාලය තියෙන විදියට හැම වසරකම මම අභිනය පාඨමාලාවකට එකතුවෙනවා. රංගන පාසල මේ ක්ෂේත්‍රයම තමයි. ඒක ඇතුළෙ අපට හමුවෙන ගනුදෙනු කරන සෑම කෙනකුගෙන්ම ඉගෙන ගන්න දෙයක් තියෙනවා.

රංගන ජීවිතේ ලොකුම සිහිනය කුමක්ද?

නිර්මාණය කුමක් වුවත් ඒ නිර්මාණය වෙනුවෙන් උපරිමය කිරීමට මම වෙහෙසෙනවා. ලොකුවට එහෙම කියන්න තරම් මට සිහිනයක් නැහැ. මොකද මම දන්නේ නැහැ හෙට මොනවා වෙයිද කියලා. අද දවසේ තියෙන වැඩ කොටස උපරිමයෙන් කරනවා. එතකොට කවදාවක් උදා නොවුණු අනාගතයක සිහින දකින්න දෙයක් නැහැ. මම හිතන්නේ හැම දෙයක්ම වෙන්නේ වෙන්න තියන හොඳම විදියට කියලයි.

සටහන නයනා උදයංගනී / ඡායාරූප සජීව ලක්ෂාන්

No comments:

Powered by Blogger.