Header Ads

Breaking News
recent

කංජිපානිට රටින් පනින්න විදෙස් ඔත්තුකරුවන් සහයදීලා!

මෙරටින් පලාගිය පාතාල නායක කංජිපානි ඉම්රාන් හෙවත් මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් ඕමානයෙන් ඩුබායි වෙත පැමිණ බූස්ස බන්ධනාගාරයේදී හඳුනාගත් පාතලයේ සාමාජිකයන් හා දුරකථනයෙන් සම්බන්ධ වෙමින් යළිත් සුපුරුදු වැඩකටයුතු ආරම්භ කර ඇතැයි අනාවරණය වෙයි. 
අධිකාරණයෙන් ඇප ලබාගත් කන්ජිපානි ඉම්රාන් මෙරටින් පලාගිය බව අනාවරණය වූ අතර ඒ සඳහා ඔහු විදෙස් ඔත්තුකරුවන්ගේද සහාය ගෙන ඇතැයි හෙළි විය.

කෙසේවුවද,‘ද හින්දු’ පුවත්පත මුලින්ම වාර්තා කර තිබුණේ කංජිපානි තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේස්වරම් වෙත පැන ගොස් ඇති බවයි.

කංජිපානි ඉම්රාන් පසුගිය දෙසැම්බර් 25 වැනිදා මුහුදු මාර්ගයෙන් රාමනාතපුරම් දිස්ත්‍රික්කය වෙත ගොස් ඇති බවත්, තමිල්නාඩු බුද්ධි සේවා ඔහු ඇතුළු ඔහුගේ සගයන් සෙවීම සඳහා ප්‍රාන්ත පොලිසිය වෙත අවධානයෙන් පසුවන ලෙස අනතුරු අඟවා ඇති බවත් එම වාර්තාවල සඳහනව තිබිණි.

පුද්ගලයන් ඝාතනය කිරීම හා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම් වැනි අපරාධ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රබල සාමාජිකයකු වූද පාතාල නායකයකු වූද කංජිපානි ඉම්රාන් දෙසැම්බර් 20 වැනිදා ඇප මත මුදාහැර තිබිණි.

කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියකුට විමර්ශන කටයුත්තකදී දුරකථනයෙන් මරණීය තර්ජන කළේ යැයි කියන සිද්ධියකට අදාළවද ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩුවකින්ද සැකකරු එලෙස රුපියල් ලක්ෂ 50ක ශරීර ඇපයක් මත මුදා හැර තිබුණු අතර ඒ අනුව, සැකකරු සියලු නඩුවලින් ඇප මත මුදා හැර තිබිණි.

මිනීමැරුම් සහ සාපරාධී බිය ගැන්වීම් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් අවශ්‍යව සිටි කංජිපානි ඉම්රාන් 2019 වසරේදී ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන ලදී.

පසුව ඇප මත මුදාහරින තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.

‘ද හින්දු’ වාර්තා කළේ ඇප මත මුදා හැරීමෙන් පසු ඔහු ඉන්දියාවට ඇතුළු වීමට සැලසුම් කර ඇති බවට බුද්ධි අංශවලින් සහ විශ්වාසදායක ආරංචි මාර්ගවලින් තමිල්නාඩු බුද්ධි අංශයට නිශ්චිත තොරතුරු ලැබී තිබුණු බවය.

මූලාශ්‍රය – අරුණ


No comments:

Powered by Blogger.