Header Ads

Breaking News
recent

මහින්දගේ දකුණු අතක් සජිත්ට සෙට් වෙයි... රාජ්‍ය පාලනයට සජිත් අවශ්‍ය බව කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතිශය සමීප දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන කුමාරසිරි හෙට්ටිගේ මහතා සජිත් ප්‍රේමදාස මහතා සමග යම් ආකාරයක දේශපාලන ගනුදෙනුවක් ආරම්භ කර තිබේ. 
කොටපපොල ජාතික පාසලට බත් බස් රථයක් ලබා දෙන ලෙස ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇති අතර එය නුදුරේදීම ලැබෙනු ඇති බවත් හෙට්ටිගේ මහතා සඳහන් කරයි.

තමන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මැදිහත් වූ සජිත් ප්‍රේමදාස මහතාට ගෞරවය ස්තූතිය පළ කරන බවද හෙතෙම තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබේ.

දේශපාලනයට රාජ්‍ය පාලනයට අවශ්‍ය වන්නේ සජිත් ප්‍රේමදාස වැනි මානව දයාවෙන් පිරිපුන් මිනිසුන් බවද හෙතෙම සටහනේ සඳහන් කර ඇත.

හෙට්ටිගේ මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති සමය පුරාම පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයා ලෙස කටයුතු කළ කරන ලද අතර මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරද්දී ද එම තනතුරේ කටයුතු කළේය.

1989 වසරේ තරම් ඈත කාලයේ සිටම මේ දක්වා ම මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු මෙන්ම එම පවුලේ අතිශය හිතවතෙකු ලෙස හෙට්ටිගේ මහතා සැලකේ.


No comments:

Powered by Blogger.