Header Ads

Breaking News
recent

මහනායක හිමිවරු ජනාධිපතිට ලියුමක් ලිව්වා! ජනාධිපතිතුමාත් ඒ ගැන හොයන්න පොලිස්පතිට නියෝග කළා! ‌ඇත්තටම මොකද්ද මේ පොතුහැර හදනවා කියන හොර දළදා මාළිගාව? (VIDEO)

ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කර ඉදිකරමින් පවතින බවට තොරතුරු වාර්තාවී තිබෙන බව අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන්වල මහානායක ස්වාමීන්වහන්සේලා ඒකාබද්ධ නිවේදනයක් පසුගියදා නිකුත් කළේය. 
එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, කුරුණෑගල වදාකඩ පාර පොතුහැර යන ස්ථානයේ ජානක සේනාධිපති නමැත්තෙකු විසින් ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය ඉදිකරමින් පවතින බවය.

මේ වනවිටත් දේශීය හා විදේශීය ගිහිපැවිදි බොහෝ දෙනා මෙම මිථ්‍යාවට රැවටී මිල මුදල්, රත්‍රං ආදිය පරිත්‍යාග කරන බවට ද කරුණු අනාවරණය වෙමින් ඇති බවද අදාළ නිවේදනයෙන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝගයක් පවා සිදු කළේය.

කෙසේවෙතත් මේ වනවිට එම ඉදිරකරන පූජා ස්ථානය පිළිබදව විශේෂ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.

පහත පළවන්නේ එම වීඩියෝවය.


No comments:

Powered by Blogger.