Header Ads

Breaking News
recent

පාස්කු ප්‍රහාරය ගැන මට සමාවෙන්න! ප්‍රහාරයෙන් අවුරුදු 4කට පසු මෛත්‍රීපාල පළමු වතාවට රටෙන් සමාව ඉල්ලයි! ඊළඟ ජනාධිපතිවරණයට තරග කරන බව කල්තියාම නිවේදනය කරයි (VIDEO)

සිය පාලන සමයේ සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමවකදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ , සිය පාලන කාලය තුළ වෙනත් අය සිදු කළ වරදකට තමාට වන්දියක් ගෙවීමට සිදුවීම පිළිබඳව ප්‍රධාන වශයෙනුත්, පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතාව සහ අතපය කැඩී එක්තැන්ව සිටින ජනතාව වෙනුවෙන් දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලා සිටින බවයි.

”කතෝලික ජනතාවගෙන්  මම සමාව ඉල්ලා සිටිනවා. මම කිසි දෙයක් දන්නෙ නැතුව, මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙලා මගේ පාලන කාලය තුළ මෙවැනි ප්‍රහාරයක් එල්ල වෙලා ජීවිත විනාශවීම පිළිබඳව”

හිටපු ජනාධිපතිවරයා මෙම මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,  ඉදිරි ජනාධිපතිවරණයට තමන් තරග කරන බවයි.

”මම මේ කිසිදේකින් පස්සට යන මිනිහෙක් නෙවයෙි… මේ මොන වධ දුනන්ත් පක්ෂයේ සහයෝගය අරගෙන, ඡන්ද කීයක් ගත්තත් ජය ගන්න පුළුන් කියන විශ්වාසය උඩ ඉදිරි ජනාධිපතිවරණයට තරග කරනවා”


No comments:

Powered by Blogger.