Sunday, March 16 2025

Header Ads

කොළඹ ආරක්ෂාව තර කරයි – කැරලි මර්ධනය ඇතුළු ආරක්ෂක අංශ වලින් 8000ක් කැඳවයි!

‘බදු සංශෝධන පනත වහා හකුලා ගනිව්: ජනතාවට සහන දියව්’ මැයෙන් ප්‍රධාන පෙළේ රාජ්‍ය වෘත්තීය සමිති ගණනාවක් එක්ව සංවිධානය කරන විරෝධතාව පැවැත්වෙන අද (08) කොළඹ නගරයේ ආරක්‍ෂාව සඳහා පොලිසිය, විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකකය ඇතුළු ත්‍රිවිධ හමුදාවේ අටදහසකට ආසන්න පිරිසක් යොදවා තිබෙනවා. 
මෙහිදී විරෝධතා රැලි පැවැත්වීමට ඉඩකඩ සලසා දී ඇතත් විරෝධතා පෙළපාලි පැවැත්වීමට කෙසේවතත් ඉඩ නොතබන බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

විරෝධතා පෙළපාලි පැවැත්වීමට කිසියම් පිරිසක් උත්සාහ කළහොත් එම පිරිස් විසුරුවා හැරීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියා.

ඒ සඳහා කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් හා කඳුළු ගෑස් ප්‍රහාරක කණ්ඩායම් සහ ජල ප්‍රහාරක රථ සියල්ල සූදානම් කර ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.

කොළඹ නගරය පුරා මාර්ග බාධක යොදා ඇති අතර එම මාර්ග බාධකවල රජකාරි සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් යොදා තිබෙනවා.

හදිසි අවස්ථාවක් ඇති වුවහොත් ඊට මුහුණදීමට මෙම නිලධාරීන් සූදානම් කර තිබෙනවා..

බදු පනතට විරෝධය පළකරමින් වරාය, සෞඛ්‍ය, මුදල්, අධ්‍යාපන, විදුලිබල බලශක්ති අමාත්‍යාංශ සේවකයන් විශාල පිරිසක් අද දිනයේ විරෝධතාවන්ට සහභාගි වීමට නියමිතයි.



Leave a Comment

Powered by Blogger.