හිටපු නීතිපති දප්පුලගේ කාර්යාලයට සුදු වෑන් එකකින් පැමිණ ලිපි ගොනු උස්සලා… CIDය පරීක්ෂණයක් අරඹෙයි!
හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගේ කාර්යාලයට සුදු වෑන් රථයකින් පැමිණ ලිපි ගොනු ඇවිස්සූ බව කියන පුද්ගලයෙක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කෙළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්. ඉලංගසිංහ ට ඊයේ (10) කරුණු වාර්තා කළේය.
මෙම සිද්ධියට අදාළව නාරාහේන්පිට පොලිසිය පැවැත්වූ විමර්ශනය පොලිස්පතිවරයාගේ නියමයෙන් තම දෙපාර්තමේන්තුව භාරයට ගත් බද අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
හිටපු නීතිපතිවරයාගේ ලොන්ඩන් පෙදෙස කොළඹ 07 කාර්යාලයට 2022 නොවැම්බර් 11 දා රාත්‍රියේ සුදු වෑන් රථයකින් පැමිණ නාඳුනන පුද්ගලයෙකු එහි තිබූ ලිපිගොනු සියල්ල අවුස්සා එක් කවරයක් පමණක් රැගෙන පලා ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන්වන බව අපරාධ පරීක්ෂණක දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
සීසීටීවී දර්ශනවලට අනුව යම් කිසි පුද්ගලයෙක් එම ස්ථානයට පැමිණ ලිපි ගොනු අවුස්සමින් විනාඩි දහයක් පමණ ගත කර සුදු වෑන් රථයකින් තිඹිරිගස්යාය ප්‍රදේශයට යන අයුරු නිරීක්ෂණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.
මෙම සිද්ධියට අදාල සීසිීටීවී දර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික ඩිජිටල් විද්‍යාගාරයට ලබා දි ඇති බවත් ඊට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කළේය.
මෙම සිද්ධිය හේතුවෙන් තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇතැයි හිටපු නීතිපතිවරයා පොලිස්පතිවරයාට කරන ලද දැනුම් දීමකට අනුව මෙම විමර්ශනය ආරම්භ කල බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
ඒ අනුව විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කළේය.
ලංකාසර
No comments: