Header Ads

Breaking News
recent

ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට අපි සුදානම්

ඕනෑම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

"අපි ඕනෑම අවස්ථාවකදී මැතිවරණයකට සූදානම්. ජනාධිපතිවරණයට වුණත් අපි ලෑස්තියි."

එහිදී විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතන, විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළකළේය.

"අපි දැක්කේ නෑ තාම. තාම නෑනේ, දැන් ඉතින් නිදහස් මාධ්‍යක් නේ තියෙන්නේ නේද ? "


No comments:

Powered by Blogger.