Header Ads

Breaking News
recent

පරලමනත මනතරවරයක අසවසම වරධතකරවන අඩසසය... බරගනන පලම මහයමක!

අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ යටතේ සහනාධාර හිමි නොවූ පිරිසක් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් ඊයේ දින සංවිධානය කර තිබිණි. එම විරෝධතා කරුවන් අතරට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා උද්ඝෝෂකයන් විසින් වට කර ගැනීම හේතුවෙන් පොලිසිය මැදිහත් වී ඔහු එතැනින් ඉවත් කරගැනීමට කටයුතු කලේය.

ජූලි 10 වන දා වන විට සියලුම ගැටලු නිරාකරණය කරන බවද මන්ත්‍රීවරයා පැවසුවත් ජනතාව හූ කියමින් විරෝධතාවය පල කර තිබේ.

ඔහු මෙම ගැටළුවට මැදි වී ඇත්තේ තම වාහනයෙන් වැලිකන්ද ප්‍රදේශයට යන අතරතුර වාහනයෙන් බැස විරෝධතාකරුවන් හා සාකච්ඡාව කල අවස්ථාවේදීය.

මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව උදෙසා ඔහු මනංපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුලට ගෙන යාමට පොලිසිය කටයුතු කර තිබේ.

ඉන්පසු විරෝධතාකරුවන්ට ඔවුන් පසුපස පැමිණ ඇති අතර ඒ හේතුවෙන් මන්ත්‍රීවරයා එම කාර්යාලයේ පැයක පමණ කාලයක් විරෝධතාකරුවන්ගේ අඩස්සියේ පසුවිය.


No comments:

Powered by Blogger.