Header Ads

Breaking News
recent

කලනචච රහල සතයක ඇතළත අලත උපන බළඳන 04ක මරල හතවක නදනව මවකග ගරභෂය ඉවත කරල

රෝහල් අධිකාරී නිහඬයි... මරණවලට හේතුව රෝහලේ වෛද්‍ය කාර්යමණ්ඩලයේ අලස බව යැයි චෝදනා.... කිළිනොච්චිය රෝහලේදී එක් සතියක් ඇතුළත  අළුතින් උපන්  බිළිඳුන් හතර දෙනෙකු මියයාම සම්බන්ධයෙන් හා එක් මවකගේ ගර්භාෂය හේතුවක් නොමතිව ඉවත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
බිළිඳෙක්  මියගිය පවුලක ගෘහමූලිකයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කොට තිබේ.

අවශ්‍ය තරමට විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හා අනෙක් නිලධාරීන් කිළිනොච්චිය රෝහල තුළ සිටියදී අළුත උපන් බිළිඳුන් මේ අන්දමට මියයාම සම්බන්ධයෙන් කිළිනොච්චිය රෝහලේ සුළු සේවකයින් අතරද විශාල කතා බහක් ආරම්භ වී තිබේ.
ඔවුන් පවසන්නේ එම නිලධාරීන්ගේ නොසැලකිල්ල හා අලසභාවය නිසා මේ මරණ සිදුව ඇති බවය.
මේ සම්බන්ධයෙන් කිළිනොච්චිය රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාගෙන් තොරතුරු විමසීමට කීප වරක්ම උත්සහ කළ නමුත් ඔහු දුරකතනයට පිළිතුරු නොදීම නිසා  ඔහුව සම්බන්ධ කර ගැනිමට මාධ්‍යයට  නොහැකි වී තිබේ.
 
-දිනසේන රතුගමගේ

No comments:

Powered by Blogger.