Header Ads

Breaking News
recent

රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්නගේ තර්ජනයට බිය නොවූ ප්‍රාදේශීය කලේකම්වරිය ජය ගනියි… අගමැති දිනේෂ්ටත් ලේකම්ටත් පාඩමක්!

මහනුවර උඩපලාත – ගම්පොළ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ රජයේ ඉඩමක් අනීතිකව අත්පත් කරගෙන එම ඉඩමේ රාජ්‍ය මුදල් භාවිතයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක්, ඇතුළු ඉදිකිරීම් කර ඉන් උපයාගන්නා ආදායම පුද්ගලිකව පරිහරණය කරන හිටපු අගමැති දී.මූ ජයරත්නගේ පුත් අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්නට වහාම එම අනීතිකව සිදුකරන රාජ්‍ය දේපල පරහරණය නවත්වා 2024.02.12 වනවිට එම දේපලවලින් අයිතිය අත්හැර ඉවත්වන ලෙස නීත්‍යානුකූලය දැන්වීම හේතුවෙන් දඬුවමක් ලෙස සංචිතයට යැවූ එම ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්නට යළි එම ධුරය ලබාදීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පසුගියදා කටයුතු කර තිබිණි.

එම අවස්ථාවට මහනුවර උඩපලාත – ගම්පොළ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ජනතාව මෙන්ම මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් සහභාගි වී තිබිණි.

ජනතාවගේ ඕලවොරසන් හඬ මැදින් ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න පෙරහැරකින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රැගෙන ඒමට එම ජනතාව මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සෙසු නිලධාරීන් සහ සේවකයින්ද එක්ව කටයුතු කර තිබිණි.

අදාළ ස්ථාන මාරුව අවලංගු කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පසුගිය ජනවාරි මස 30 දින නියෝගයක් ලබාදුන් අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා එය ක්‍රියාත්මක කිරීමෙන් වැලකී සිටිමින් අදාළ නියෝගය යළි සලකා බලන ලෙස ඉල්ලීමක් කර තිබිණි. කෙසේ වෙතත් මේ වනවිට මහනුවර උඩපලාත – ගම්පොළ ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පත් කර ඇත.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමති ජයරත්නගේ මෙම අනීතික ක්‍රියාවට අනුබල දෙමින් අදාළ මරුවීම සිදු කර තිබුණේ රාජ්‍ය පරිපාලන අමාතයාංශයේ ලේකම් විසිනි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවතින්නේ අගමැති දිනේෂ් ගුණවර්ධන යටතේය.


No comments:

Powered by Blogger.