Header Ads

Breaking News
recent

පොහොට්ටු ජනපති අපේක්ෂක අද තීන්දු වෙයි?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරු 10.00ට  බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී පැවැත්වේ.

ඉදිරි ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අදාළ සාකච්ඡාවලදී අප‍ේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත්ත ද නිලවශයෙන් ජනපති අපේක්ෂකයා නම් කිරීම ජනපතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසුව සිදු කිරීමට නියමිත බවද පැවසේ.

මෙහිදී පිරිසක් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ද පිරිසක්, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද පිරිසක් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ද නම් කිරීමට සූදානමින් සිටින බව පැවසේ.


No comments:

Powered by Blogger.