Header Ads

Breaking News
recent

ජනපති ඉන්නෙත් පොහොට්ටුවේ... අපේක්‍ෂක තෝරන නෙළුම් මාවතේ සාකච්චාවේ විස්තරේ ප‍්‍රසන්න හෙලි කරයි

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පොහොට්ටුව නිසි වේලාවේදී නිවැරැදි තීන්දුව ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැමවිටම නිවැරැදි තීන්දුව ගන්නා බවයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිණි.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ලබා දුන් පිළිතුරු මෙසේය,

ප්‍රශ්නය – මොකක්ද අද තත්ත්වය?

පිළිතුර – හොඳ මට්ටමේ යනවා.

ප්‍රශ්නය – ඔබතුමා කගේ පැත්තෙද ඉන්නේ? ජනාධිපතිතුමාගේ පැත්තෙද? පොහොට්ටුවේද?

පිළිතුර – ජනාධිපතිතුමත් ඉන්නේ පොහොට්ටුවත් එක්කනේ. අපි කාගෙවත් පැත්ත ගන්නේ නෑ. අපි හැමෝම ඉන්නේ එක පැත්තේ.

ප්‍රශ්නය – ඊළඟ ජනාධිපතිවරණයටත් එතුමවද ඉදිරිපත් කරන්නේ?

පිළිතුර – ඒක පක්ෂය තීන්දු කරනවා ඉස්සරහට.

ප්‍රශ්නය – තීන්දුව අරගෙනද තියෙන්නේ.

පිළිතුර – ඉස්සරහට ගන්නවා.

ප්‍රශ්නය – ජනාධිපතිතුමා කියලද තීන්දුව ගන්නේ?

පිළිතුර – පක්ෂය තීන්දුව ගත්තම දැන ගන්න ලැබෙයි.

ප්‍රශ්නය – බැසිල් මහත්තයා රට ඉදලා ආවනේ. බැසිල් මහත්තයා පසුගිය කාලේ කිව්වනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. ඒ කතාව හරි ඇත්ත නේ.

පිළිතුර – මම දන්නේ නෑ. බැසිල් මහත්තයා ඇතුලේ ඉන්නවා ගිහින් අහන්න.

ප්‍රශ්නය – එතුමා මූන දෙන්නේ නෑනේ

පිළිතුර – හැමදාම පොහොට්ටුව හරි දේ වෙනුවෙන් පෙනී සිටියා. හරි දේ වෙනුවෙන් කටයුතු කළා. ඉදිරියේදීත් හරි දේ වෙනවා.

– ප්‍රදීප් අනුර කුමාර


No comments:

Powered by Blogger.