Header Ads

Breaking News
recent

සිරිසේනට පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු ලැබිලා තියෙන්නේ තානාපති පාටියකදිලු – චීනයත් සම්බන්ධයිලු

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් තමන්ට ලැබුණු තොරතුරු තානාපති කාර්යාලයීය සාදයකදී හමුවූ අයකු විසින් ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කර ඇතැයි විශ්වාස කටයුතු ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරන බව ‘දේශය’ පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, තමන්ගේ ආණ්ඩුව චීනය සමඟ ඉතාම කිට්ටුවෙන් කටයුතු කළ නිසාත්, ඒ මොහොතේ තීරණාත්මක ගනුදෙනු කිහිපයක් චීනය සමඟ සිදුකළ නිසාත්, ඒ සම්බන්ධයෙන් එක්තරා පාර්ශ්වයක් ආණ්ඩුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විරසකව සිටි බවත් මේ ප්‍රහාරයට එය ද එක් හේතුවක් බවත් අදාළ පුද්ගලයා තමන්ට පැවසූ බව හිටපු ජනාධිපතිවරයා පවසා තිබේ.

කෙසේවෙතත්, මෙම ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නීතිපතිවරයාට ලබා දී ඉන්පසුව නීතිපතිවරයා හරහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇත.


No comments:

Powered by Blogger.