Header Ads

Breaking News
recent

බැසිල්ගේ දෙදෙනෙක් රනිල් අලුතින්ම උස්සලා!

දේශපාලන බලය වර්ධනය කර ගැනීම සඳහා පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් බා ගනිමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ තාරක බාලසූරිය සහ ප්‍රේමලාල් ජයසේකර යන දෙදෙනාත් තමන්ගේ ගොඩට ගෙන ඇති බව වාර්තා වේ.

බැසිල් රාජපක්ෂ මෙරටට පැමිණීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ සමඟ බලය කේවල් කර ගැනීමක යෙදී සිටින අතර මෙසේ මන්ත්‍රීවරුන් එකිනෙකා වෙත දිනා ගැනීමේ තරඟයක නියැලී සිටිති. මේ වනවිට ජනාධිපති බලතල හමුවේ බැසිල්වාදී ප්‍රමුඛයින් වූ නිමල් ලන්සා සහ ප්‍රසන්න රණතුංග වැනි අය පවා බැසිල් රාජපක්ෂ හැරගොස් රනිල් වෙත සමීප වී සිටිති.

ඇමති මණ්ඩලය නියෝජනය කරන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, කණක හේරත්, කංචන විජේසේකර ඇතුළු බොහෝ දෙනෙක් සමඟ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීන් 70ක් මේ වනවිට රනිල් වික්‍රමසිංහ වටා එකතු වී ඇති බව ඇතැම් දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

- lankatruth


No comments:

Powered by Blogger.