Header Ads

Breaking News
recent

මහ සඟ රුවන කැලණියට රැස්වේ... මහින්දලාට සංඝ ආඥාවක්!

නව ජනවරමක් ලබාගන්නා තෙක් පවතින ජනවරම අනුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන උපාය මාර්ගික තීන්දු තීරණ ගැන පැහැදිලි සැලසුමක් රටට ඉදිරිපත් කරන ලෙස බල කරමින් ත්‍රෛනිකායික අනුනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා ආණ්ඩුවට සම්බන්ධ ජනතා නියෝජිතයන්ට සංඝ ආඥාවක් නිකුත් කර ඇත.

රට විදේශීය ආධිපත්‍යයට යටත් කිරීමට කටයුතු නොකළ යුතු බවටත්, ආර්ථික මර්මස්ථාන විකුණා දැමීම ද වහාම නැවැත් වියයුතු බවටත්, මහානායක හිමිවරුන්ගේ අනුශාසන පිළිගත යුතු බවටත් එම සංඝ ආඥාව මගින් තව දුරටත් අවධාරණය කර ඇත.
පසුගිය 14 වැනිදා කැලණිය මානෙල්වත්ත මහා විහාරයේ දී පැවැති සංඝ සමුළුවේදී මෙම සංඝ ආඥාව නිකුත් කර ඇත.

එම අවස්ථාවට සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනාහිමි කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය මකුරුප්පේ සෝමාලංකාර අනුනාහිමි, අමරපුර මහා නිකායේ අනුනායක පූජ්‍ය දිමියාවේ අමරවංශ අනුනාහිමි, රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය අකුරැටියේ නන්ද නාහිමි, සියම් මහා නිකායේ රෝහණ පාර්ශ්වයේ පූජ්‍ය ඕමාරේ කස්සප අනුනාහිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක අනුනාහිමි, පූජ්‍ය වලේගොඩ ගුණසිරි අනුනාහිමි, විද්‍යෝදය පිරිවේනාධිපති පූජ්‍ය බළංගොඩ සෝභිත හිමි, විද්‍යාලංකාර පිරිවෙනේ වැලිවිටියාවේ ඥානරතන හිමි, මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන නාහිමි, මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ නාහිමි, පූජ්‍ය වේපතයිර හේමාලෝක නාහිමි ඇතුළු මහා සංඝයා වහන්සේ සහභාගි වූහ.


No comments:

Powered by Blogger.