Header Ads

Breaking News
recent

යුද්ධයක් ඇති නොකර ඥානසාර හිමි මුදන්න කී අනූපගේ ප්‍රකාශය අධිකරණය හෑල්ලු කිරීමක්!

ආගමික සංහිඳියාවට බාධා වන ආකාරයේ ප්‍රකාශ කළ බවට වරදකරු වී සිව් වසරක බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් විඳින ගලගොඩ අත්තේ ඥානසාර හිමිට සමාව දීම සම්බන්ධයෙන් සියලු පාර්ශ්වවල අවධානය යොමු විය යුතු බව රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් පෙරේදා (01) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

බෞද්ධ ජනතාව වේදනාවට පත්වන ආකාරයෙන් තවදුරටත් ඥානසාර හිමි සිරගත කර තිබුණොත් එම වේදනාව, වෛරයක් බවට පත්වී, වෛරය අවසානයේ ගැටුමක් බවට පත්වීමටත්, ගැටුම අවසානයේ යුද්ධයක් බවට පත්වීමටත් ඉඩ ඇති බව මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් හෑල්ලුවට ලක් කිරීමක් බව වාර්ගික සංහිඳියාව වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කරන නීතිඥවරයෙක් අප සමඟ කියා සිටියා.


No comments:

Powered by Blogger.