Header Ads

Breaking News
recent

අනුන්ගේ පර්යේෂන වාර්තාවක් සොරකම් කල ශ‍්‍රී ලාංකික විද්‍යාඥයා ඇමරිකා සරසවියෙන් නෙරපයි…

කාමර උෂ්ණත්වයේදී ක‍්‍රියාත්මක වන සුපිරි සන්නායකයක් සොයාගත්තේ යයි පැවසූ ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥයකු වන රංග ඩයස් මහතාගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමට පෙර ඔහු මහාචාර්යවරයකු ලෙස සේවය කල රොවෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් ඉවත් කිරීමට එම විශ්ව විද්‍යාලය සූදානම් වන බව නේචර් සඟරාව වාර්තා කරයි.

මෙම පර්යේෂණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු හා දත්ත ලබා දී වෙනත් අයකුගේ පර්යේෂණ දත්ත සොරාගෙන ඇතැයි විමර්ශනයකින් හෙළි වීම මීට හේතුව වී ඇත.

අසත්‍ය තොරතුරු ඇතුලත් කර විද්‍යාත්මක විෂමාචාරයක් කර ඇතැයිද නේචර් සඟරාව වාර්තා කර ඇත.

අදාල පර්යේෂණය ගැන විමර්ශනය කිරීමට පත්කළ විද්‍යාඥයන් කණ්ඩායමේ අවසන් විමර්ශන වාර්තාව උපුටමින් නේචර් සඟරාව මෙම වාර්තාව පල කර තිබේ.

රංග ඩයස් මහතාට එල්ල වූ චෝදනා 16ක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය කර ඇත.

No comments:

Powered by Blogger.