Header Ads

Breaking News
recent

කාර් පර්මිට්-බාර් පර්මිට් ඉල්ලනවාට අමතරව මන්ත්‍රීවරු ගෙදර උන්දැලාටයි දරුමල්ලන්ටයි රක්ෂණාවරණයත් ඉල්ලයි!

පසුගිය සිකුරාදා දිනයේ පැවති පාර්ලිමේන්තු ගෘහකාරක සභා රැස්වීමේ දී මන්ත්‍රීවරු රැසක්, ඔවුන්ට ලබා දී තිබෙන රක්ෂණාවරණය, මුළු පවුලටම අදාල වන පරිදි සකස් කරදෙන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ. පළාත්සභාවල සිටිය දී පවා සිය පවුල්වල සාමාජිකයන්ටත් රක්ෂණාවරණයක් ලැබුණු බව ඇතැම් මන්ත්‍රීවරු පවසා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මූල්‍ය ප්‍රතිපාදන නොමැති වීම හෙතුවෙන් මෙම ඉල්ලීම මේ මොහොතේ ඉටු කළ නොහැකි බව කතානායකවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බව පැවසේ.

මීට අමතරව, තීරුබදු රහිත වාහන බලපත්‍ර ඉල්ලා කතානායකවරයාට ඉදිරිපත් කර තිබෙන ඉල්ලීමේ ලිපියට මන්ත්‍රීවරු 116 ක් අත්සන් තබා ඇති බව වාර්තා වේ.

කතානායකවරයා එම ඉල්ලීම මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කර තිබේ.


No comments:

Powered by Blogger.