Thursday, September 18 2025

Header Ads

“ජනතාවට සතුට ගෙනාව මහින්ද රාජපක්ෂ.. නෑ.. රනිල් වික්‍රමසිංහ” කට වැරදුන රාජිකා!

2015 වසරේ ආසියාවේ වේගයෙන් සංවර්ධනය වු රට ශ්‍රී ලංකාව බවත් ඒ තැනට රට ගෙනයාමට හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ සදහන් කළාය.

ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 38 දෙනෙකු සිටියද අද්දැකීමක් නැති, ජාත්‍යන්තර සබදතා නැති, ජනතාවගේ දුක කඳුල හදුනන්නේ නැති අපේක්ෂකයින් වෙනුවෙන් පෙනී නොසිටින ලෙස මන්ත්‍රීවරිය සදහන් කළාය.

රටේ ජනතාවගේ දුක නිවා ජනතාවට සතුට ගෙනාව මහින්ද රාජපක්ෂ කියන.. නෑ.. රනිල් වික්‍රමසිංහ කියන නායකයාගේ නායකත්වය ශක්තිමත් කිරීමට ජනතාව කටයුතු කරන ලෙසද මන්ත්‍රීවරිය සදහන් කළාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් මාවනැල්ල නගරයේ පැවති ජන රැළියට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව සදහන් කළාය.



Leave a Comment

Powered by Blogger.