Header Ads

Breaking News
recent

පූර්ණ ජනාධිපති සමාව බලා රන්ජන් ජනාධිපති කාර්යාලයට... මැතිවරණය තරග කරන්නත් සූදානම්!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා 02 පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් තිබේ.

ඒ ඔහුට හිමි වී ඇති ජනාධිපති සම්මාවට අදාළ ලිපි ලේඛන කිහිපයක් ලබා ගැනීම සඳහායි.

ඉදිරි මැතිවරණයට තරග කිරීම සඳහා ඔහුට හිමව ඇති ජනාධිපති සමාවට අදාල ලේඛණ මැතිවරණ කොමිසමට අවශ්‍ය වී ඇත.

ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් පූර්ණ ජනාධිපති සමාවක්ද රාමනායක මහතා බලාපොරොත්තු වෙයි.

හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් ඔහුට ජනාධිපති සමාව ලබා දුන්නද මැතිවරණයකට තරග කර නොහැකි ආකාරයෙන් සීමා කිරීම් කිහිපයක් එහි ඇත.

අනුර දිසානායක ජනාධිපතිවරයා විසින් තමන්ට පූර්ණ සමාවක් ලබාදෙනු ඇති බවටද ඔහු විශ්වාසයෙන් පසුවෙයි.

මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශ අමාත්‍ය විජිත හෙරත් මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ රන්ජන් රාමනායක මහතා සිරගත වූයේ හා ප්‍රජා අයිතිය අහිමි වූයේ සොරකම් වංචා කොට නොව ඇත්ත කතා කිරීම නිසා බවය.

ඔහුට යම් අසාධාරණයක් සිදුව ඇති බවත් ඊට සාධාරණයක් ඉටු විය යුතු බවත් ඔහු සඳහන් කළේය.


No comments:

Powered by Blogger.