Header Ads

Breaking News
recent

මහ මැතිවරණයට එක්ව තරග කර ප්‍රබල දේශපාලන බලපෑම් කණ්ඩායමක් හදන්න… ඉන්දීය මහකොමසාරිස්වරයා උතුරේ දෙමළ දේශපාලන නායකයින්ට දන්වයි!

පොදු එකඟතාවයක් මත පාර්ලිමේන්තු මැතිවරණයට එක්ව තරග කරන ලෙස ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂවලට දන්වා තිබේ.

ඉන්දීය මහකොමසාරිස්වරයා මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ නියෝජයන කරන දේශපාලන නායකයින් පිරිසක් පෙරේදා (30) සවස කොළඹදී ඉන්දීය මහකොමසාරිස්වරයා මුණගැසුන අවස්ථාවේ දී ය.

දෙමළ දේශපාලන පක්ෂ වෙන්වී කටයුතු නොකළ යුතු බවද හොඳ තීරණයකට පැමිණ එළඹෙන මහ මැතිවරණයෙන් වැඩි ආසන ප්‍රමාණයක් දෙමළදේශපාලන පක්ෂ එකමුතුවක් විසින් දිනා ගැනීම තමන්ගේ අපේක්ෂාව බව ද ඉන්දීය මහකොමසාරිස්වරයා පැවසූ බව සෙල්වම් අඩෙයික්කලනාදන් අද වව්නියාවේ දී මාධ්‍ය අමතා පැවසුවේය.

එසේ වුවහොත් රජය සමග සාකච්ඡා කර දෙමළ  ජනතාව වෙනුවෙන් පැමිණ හොඳ තීන්දු ලබා ගත හැකි අවස්ථාවක් උදාවන බව ද ඉන්දීය හමකොමසාරිස්වරයා දෙමළ දේශපාලන පක්ෂ වෙත පවසා ඇත.

තවදුරටත් කරුණු දක්වා ඇති ඉන්දීය මහකොමසාරිස්වරයා කියා ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කිරීමට ඉන්දීය රජය සූදානම් බවය.

උතුරු නැගෙනහිර දෙපාලත කේන්ද්‍රකරගත් සංවර්ධන කටයුතුවල ප්‍රතිලාභ දෙමළ ජනතාවට ලැබිය යුතු ආකාරයට කටයුතු කිරීම එහි දේශපාලන නියෝජනයේ වගකීම බවද එහිදී ඉන්දීය මහකොමසාරිස්වරයා දෙමළ දේශපාලන පක්ෂ වෙත දන්වා තිබේ.

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, මහලේකම් වෛද්‍ය පී සත්‍යලිංගම්, ටෙලෝ නායක සෙල්වම් අඩික්කලනාදන්, ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, ඊපී.ආර්. එල්.එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්. මේ අවස්ථාවට සහභාගී වී තිබිණි.

- lankasara


No comments:

Powered by Blogger.