Header Ads

Breaking News
recent

පාර්ලිමේන්තුවේ හිටපු හොරු කෑම කාලා සල්ලි නොදී ගෙදර යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්ම පාර්ලිමේන්තුවෙන් ලබාගත් ආහාර වෙනුවෙන් බිල්පත් නොගෙවා මගහැර සිටින බව වාර්තා වේ.

මන්ත්‍රීවරුන් ලබාගත් ආහාර වෙනුවෙන් බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මාසයේ මන්ත්‍රී දීමනාව ගෙවීම ප්‍රමාද කිරීමට සිදුව ඇති බවද වාර්තා වේ.

පසුගිය (24) වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කිරීමත් සමග පසුගිය මස මන්ත්‍රී දීමනාව මන්ත්‍රීවරුන්ගේ අවසාන දීමනාව හෙයින් එම හිඟ මුදල් සම්පූර්ණයෙන්ම කපා ගැනීම අවශ්‍යව ඇත.

සාමාන්‍යයෙන් මන්ත්‍රී දීමනාව සෑම මසකම (27) වැනිද‍ා වනවිට ගෙවා අවසන් කරන අතර පසුගිය මාසයේ දීමනාව ප්‍රමාදවීම සම්බන්ධව මන්ත්‍රීවරු රැසක් පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයෙන් දැනටමත් විමසීම් කර ඇති බව වාර්තා වේ.

No comments:

Powered by Blogger.