Header Ads

Breaking News
recent

“ලංකාව ගොඩගන්න නායකයා ජනපති අනුර” - ආසියානු ලොක්කා ප්‍රසිද්ධියේ කියයි

නව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වැඩපිළිවෙළ පිළිගන්නා බව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා සදහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව රටේ ජනතාවට ස්තුතිවන්ත වන බවද ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලදී මෙන්ම ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට වසර ගණනාවක් තිස්සේ ආසියා සංවර්ධන බැංකුව ස්ථීර හවුල්කරුවකු ලෙස කටයුතු කර ඇති බවද සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ එය වඩාත් ශක්තිමත්ව තවදුරටත් ඉදිරියට ගෙන යාමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වය ඉවහල් වනු ඇති බවද සදහන් කරයි.

ශ්‍රී ලාංකීය ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීමේ වැඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායකට හැකිවනු ඇති බවද සභාපතිවරයා සදහන් කරයි.

නව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා මේ බව සදහන් කරයි.

No comments:

Powered by Blogger.