Header Ads

Breaking News
recent

රනිල්ගේ මාධ්‍ය නඩයේ සිටි වරුණ සජිත්ගෙන් ආසන සංවිධායක තනතුරක් ගනියි

සමගි ජන බලවේග පක්ෂයේ ගම්පහ ආසනයේ ප්‍රධාන සංවිධායකයා වශයෙන් වරුණ රාජපක්ෂ මහතා පත්කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ. වරුණට මේ තනතුර ලැබී ඇත්තේ හිටි හැටියේ බව පැවසේ.

ඔහු ඊයේ (09) ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරි මහ මැතිවරණයට තරග කිරිම සඳහා නාමයෝජනා අත්සන් කිරීමට පක්ෂ මූලස්ථානයට ගොස් සිටියදී සජබ නායක සජිත් මහතා ඔහුට පසෙකට කතා කොට “වරුණ ගම්පහ ආසන සංවිධායකකමට” පත් කිරීමට තීරණය කළා යැයි පවසා තිබේ. 

ඒ අනුව එම සංවිධායක ධුරය ඔහු වෙත ප්‍රදානය කිරීම සිදුව තිබිණි.

දකුණු ඉවුර ශක්තිමත් කිරීමට නම් බෙදී වෙන්වී සිටින සියලු බලවේග, එක කඳවුරකට එක් විය යුතු බවට ජනාධිපතිවරණය අවසන් වූ සැනින් ප්‍රකාශ කර සිටි තමන්ට, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කළ ආරාධනාවක් අනුව සිය ප්‍රකාශය භාවිතයට නැගීමට අවස්ථාවක් කර ගනිමින් සමගි ජන බලවේගය සමග එක් වූ බව වරුණ රාජපක්ෂ පසුගිය දා සමාජ මාධ්‍ය සාකච්ඡාවකදී පවසා  තිබිණි.

ඔහු ඉකුත් ජනපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය තෙක්ම හිටපු ජනපති රනිල් වික්‍රමසිහ මහතාගේ මාධ්‍ය අංශයේ කටයුතු කළ අතර, The Chatham Street Journal මුද්‍රිත හා වෙබ් අඩවියේ ප්‍රධානියකු ලෙසද කටයුතු කළේය.



-srilankamirror




No comments:

Powered by Blogger.