Header Ads

Breaking News
recent

රාජපක්ෂ ජ්‍යෙෂ්ඨයෝ මහ මැතිවරණයට නෑ; නාමලුත් ජාතික ලයිස්තුවට

එළඹෙන මහමැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තරඟ නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. එහි ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ ද මහමැතිවරණයට තරඟ නොකරන බවයි.

ඉකුත් ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වූ නාමල් රාජපක්ෂ ද මහමැතිවරණයේ අපේක්ෂකයෙකු නොවන අතර ඔහුගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

එමෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මෙවර මහමැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් හෝ ඉදිරිපත් නොවේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් සිය සහයෝගය ලබා දීමට තීරණය කර ඇත.

කෙසේවෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මොණරාගලින්ද, නිපුන රණවක මාතරින්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ගේ නමද ඇතුළත් කර ඇත්තේ ජාතික ලැයිස්තුවටයි.

මේ අතර හිටපු අමාත්‍යවරයෙකු වන විමල් වීරවංශ ද මෙවර මහමැතිවරණයට තරඟ නොකරන බව ඔහු නියෝජනය කරන මව්බිම ජනතා පක්ෂයේ ප්‍රකාශකයෙකු පැවසිය.

(nethnews.lk)

No comments:

Powered by Blogger.