ආණ්ඩුව හා IMF අතර සාකච්ඡාවල Deadlock එකක් ?
ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර සාකච්ඡා සම්පූර්ණයෙන් ම වගේ අවහිර වූ තත්වයක් මතුව ඇතැයි ජාත්‍යන්තර දේශපාලන කටයුතු පිළිබඳ විශ්ලේෂකයකු වන කෙෂාල් ජයසිංහ පැවසී ය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ‘සිලින්ඩරය’ ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රීක්කයට ඉදිරිපත්ව සිටින කෙෂාල් ජයසිංහ ඒ බව සඳහන් කර සිටියේ නාවල සිය නිවසේ පැවති ඊයේ (29) පැවති තරුණ ක්‍රියාකාරීන්ගේ හමුවක් අමතමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ කෙෂාල් ජයසිංහ...
ජනතාව කුතුහලයට පත්වෙලා
‘‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවක් සඳහා ආණ්ඩුවේ නියෝජිත පිරිසක් වොෂින්ටන් ගියා. එම නියෝජිත පිරිස ලංකාවට පැමිණීමත් සමග බොහෝ දෙනෙක් විශ්වාස කරේ රටේ මුදල් ඇමති විදියට ජනාධිපති අනුර දිසානායක ජාතිය අමතලා ඒ සාකච්ඡාවල ප්‍රගතිය මහජනතාවට දැනුම් දෙයි කියලා. අලුත් ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාවලිය සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථාවරය මොකක් ද කියන එක සම්බන්ධයෙන් හැමෝට ම තියෙන්නෙ කුතුහලයක්. ඊළඟ වාරිකය ලංකාවට ලැබෙයි ද, ලංකාවට එය ලැබෙනවා නම් ලැබෙන්නේ කුමන කාල පරාසයක් තුළ ද, ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවන අලුත් කොන්දේසි මොනව ද කියන කාරණා සම්බන්ධයෙනුත් ජනතාව තුළ කුතුහලයක් පවතිනවා.
ආණ්ඩුව සහ IMF අතර සාකච්ඡා ගැන ජනතාව අවදියෙන්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ රැස්වීමක දි කියල තිබුණා නව ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාවලිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ජනාධිපති සතු කාර්යයභාරයක් කියල. ඔහු වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් කිව්වේ ඔහු මුදල් ඇමති අවධියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක කරපු පළමු සාකච්ඡාවේ ඉඳල ජනාධිපති ධුර කාලය අවසන් වන තෙක් පැවති හැම හමුවක දි ම, හැම එකඟතාවක ම අඩංගු කරණු පිළිබඳ පාර්ලිමේන්තුවයි මහජනතාවයි දැනුවත් කරපු විදිය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අනුර දිසානායකගෙන් ඉල්ලා සිටියේ රටේ ආර්ථික ක්‍රියාවලිය සම්බන්ධව මහජනතාව දැනුවත් කරන්න කියල. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාර විශ්ලේෂණයෙන් ඉවත් වෙනවා ද, උපයන විට බදු අඩු කරනවා ද, එකතු කිරීම මත අගය එකතු කරන බදු අඩු කරනවා ද? ඒ වගේ ම දෙදහස් විසි පහ වසරේ ආණ්ඩුවේ දළ මූල්‍ය අවශ්‍යතාව කොපමණ ද, ඒ අවශ්‍යතා සපුරා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව මහජනතාව ආණ්ඩුවෙන් පිළිතුරක් අපෙක්ෂාවෙන් ඉන්නවා.’’
No comments: