Header Ads

Breaking News
recent

ජනපති පළමු වෙඩිල්ල පත්තු කරයි... ආචාර්ය හාන්ස් විජයසූරියට උපරිම තැන ලබාදෙයි!

ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙනයන ගමනේ මූලික පියවරක් තබමින් ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත් කර ඇත.

56 හැවිරිදි ආචාර්ය හාන්ස් විජයසූරිය මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වන අතර ඔහු ශ්‍රී ලංකාවේ පළමු වරට GSM තාක්ෂණය හඳුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරක් කළ අයෙකු ලෙස හඳුන්වා දිය හැකියි.

දකුණු ආසියාවේ පළමු වරට ශ්‍රී ලංකාවට 3G, 4G සහ 5G යන තාක්ෂණයන් හඳුන්වාදීම තුළින් ශ්‍රී ලංකාව ලෝකය තුළ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඉහළින් ඔසවා තබන්නට කටයුතු කළ අතර ඔහු ආසියාවේ දෙවන විශාලතම විදුලි සංදේශ සමාගම වන Axiata Group Bhd හි සමූහ විධායක උප සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කර ඇත.

මෙරට ශ්‍රී ලංකාවේ විශාලතම ජංගම සන්නිවේදන සැපයුම්කරු වන Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන විධායකවරයා ලෙස ඔහු කටයුතු කළ අතර 1989 වසරේදී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියත්, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිය එක්සත් රාජධානියේ වෝර්වික් විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇත.

ආචාර්ය හාන්ස් විජයසූරිය 1994 වසරේදී ඩිජිටල් ජංගම සන්නිවේදනය පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබාගෙන ඇත්තේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයෙන් වන අතර ඔහු ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන අතර John Keells Holdings PLC සහ Sri Lankan Airlines (Sri Lankan National Airline) හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජියෙක් හා ආතර් සී. ක්ලාක් ආයතනයේ හිටපු සභාපතිවරයෙක් ද වේ. 

2016, GSM සංගමය විසින් “ආසියානු ජංගම දුරකතන කර්මාන්තය සඳහා කැපී පෙනෙන දායකත්වය” සම්මානයේ පළමු ප්‍රතිලාභියා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය නම්කර ඇති අතර 2024 දී ගෝලීය ජංගම දුරකතන කර්මාන්තයේ කැපී පෙනෙන දායකත්වය අගයමින් GSM සංගමය විසින් “සභාපති සම්මානයෙන්” පිදුම් ලබා ඇත.

No comments:

Powered by Blogger.