හේවගේට අගමැතිනියගෙන් විරෝධය
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීන් රෝහිනි කවිරත්න මහත්මයට පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා විසින් සිදු කරන ලද අපහාසාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අදහස් පල කරයි.
අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඇය මෙසේ පැවසුවාය.
‘මම හිතන්නේ ඒක සුදුසු නැහැ. මම ඉතාමත්ම සතුටුයි නලින්ද ජයතිස්ස ඇමතිවරයා වහාම ඒක ප්‍රතික්ෂේප කළා. ඒක නිවැරදි කරන්න ඔහු මැදිහත් වුණා. එක ගැන මම සතුටු වෙනවා.
එකෙන් පෙන්නුම් කරනවා අපේ ආණ්ඩුව අපේ පැත්තෙන් මොකක් හරි වැරැද්දක් උනත් අපි ඒක වෙනස් කරන්න අපි මැදිහත් වෙනවා කියන එක ඔහු පෙන්නුම් කලා.
ඉතින් වැරදි වෙන්න පුළුවන් . නොවිය යුතු දේවල් අපෙන් වෙන්න පුළුවන්. අපේ කෙනෙක් කියලා අපි ඒ වැරදි දේ හරි කියලා කියන්න අපි උත්සහ කරන්නේ නෑ.
සිද්ධ වෙච්ච දේ එහෙම නොවුනා නම් හොදයි’

No comments: