Header Ads

Breaking News
recent

දේශබන්දු පොලිස්පති ධුරයෙන් නෙරපන මෙහෙයුම යළි පරාදයි…! - කීර්ති රත්නායක

යම් හෙයකින් දේශබන්දු අත්අඩංගුවට පත් වූයේ නම් ඔහුගේ සේවය අත්හිටුවීමට ඉඩ තිබුණි.
එවිට දේශබන්දු පොලිස්පති ධූරයේ කටයුතුවලින් ඉවත් කළ නඩුවෙන්ද පරාදය. එනම් දේශබන්දු අත්අඩංගුවට පත් වූයේ නම් ගේම් එක එතනින් ඉවරය. නමුත් එසේ නොවුණි.

මීට පෙර වීඩියෝවකදී පැහැදිලි කර පරිදි ව්‍යවස්ථාදායක සභාවේ වරදකින් දේශබන්දුට අසාධාරණයක් විය.

අධිකරණය විසින් එම වරද මැයි මාසයේදී නිවැරදි කිරීමට වැඩි ඉඩක් ඇත. දේශබන්දුට එරෙහි “Below the belt”ප්‍රහාරය දියත් වන්නේ මෙවන් පසුබිමකය.

කෙසේ වුවද දේශබන්දු විසින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන රීට් ආඥාවක් ඉල්ලමින් යළි සටනට අවතීර්ණ වී ඇත.

දේශබන්දු සතුරාට බියේ පැන ගියා නොව උපක්‍රමික පසුබැස්මක් කර ඇති බව දැන් පෙනී යයි. මීට පෙර ගෝඨාභය විසින් මෙවැනි රීට් ආඥා ලබාගෙන ඇති අතර ජනාධිපති ධුරය දක්වා යාමට එම රීට් ආඥා උපකාරී විය.

Keerthi Ratnayake



No comments:

Powered by Blogger.