Header Ads

Breaking News
recent

ජනතාව ජනාධිපති පැන්නුවොත් ආයිත් පාර්ලිමේන්තුවෙන් ජනාධිපති පත් කරන්නේ මාලිමාවෙන්මයි..- නි. ඇමති

රට නැවත වතාවක් අර්බුදයකට ගොස් ජනතාව විසින් ආණ්ඩුව පන්නා දැමුවහොත් නව ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුව හරහා පත් කරන්නේ ද ජාතික ජන බලවේගයෙන් බව සංචාරක නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහ මහතා සඳහන් කරයි.

තෙල් පෝලිම් ගෑස් පෝලිම් ඇතිවී ජනතාව ආණ්ඩුව පළවා හැර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරනු ඇතැයි ඇත්ත බලාපොරොත්තු වීම සිහිනයක් බවද ඔහු පැවසුවේය.

පසුගිය පාර්ලිමේන්තුවේ මෙන් නොව මෙවර පාර්ලිමේන්තුවේ සිටින්නේ ජාතික ජන බලවේගය නිසා එවන් තත්ත්වයක් උදා වුවහොත් ජනාධිපතිවරයා යළි පත් කරන්නේ ද ජාතික ජන බලවේගයෙන් බවත් එ් මහතා කියා සිටියේය.

පළාත් පාලන මැතිවරයේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

No comments:

Powered by Blogger.