Friday, September 19 2025

Header Ads

රනිල්ගේ සාකච්ඡාවට දුරකථනය ඔස්සේවත් සම්බන්ධ වුණේ නෑ – දිලිත් ජයවීර කියයි

ජාතික ජන බලවේගයට බහුතර බලය හිමි නොවූ පලාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාල සාකච්ඡාවක් සදහා, විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන් අද පස්වරුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හමු වී තිබුණි.

මෙම හමුව සම්බන්ධයෙන් නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනයක, සර්ව ජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර ද දුරකථනය ඔස්සේ ඊට සහභාගී වූ බව සදහන්ව තිබී ඇති අතර, එය සාවද්‍ය ප්‍රකාශයක් බව දිලිත් ජයවීර පවසයි.

ඒ අනුව, එම නිවේදනය නිවැරදි කරන ලෙස තමන් එජාප සභාපති වජිර අබේවර්ධනට දැනුම් දුන් බවද දිලිත් ජයවීර පවසයි.


Leave a Comment

Powered by Blogger.