Header Ads

Breaking News
recent

රාජපක්ෂ පාලන සමයේ රටම කැළඹු ඝාතනය එළියට අදී!

මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් මානව ක්‍රියාකාරීන් දෙදෙනකු වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්ද යන පුද්ගලයන් අතුරුදන්වීම සම්බන්ධයෙන් නැවත විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර ඇත.

එම පුද්ගලයන් අතුරුදන්වීම සම්බන්ධයෙන් නැවත විමර්ශන ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග ලබාදී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

මේ පිළිබඳ සිදුකළ විමර්ශනවල ප්‍රගතියක් අත්පත් කරගෙන නැති හෙයින් වැඩබලන පොලිස්පතිවරයා අලුතින් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නියෝග හා උපදෙස් ලබාදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ, එම පුද්ගලයින් දෙදෙනා පසුගිය 2011 වසරේදී අතුරුදහන් වී ඇති බවයි.

No comments:

Powered by Blogger.